18ට සිටි පීරිස් 3ටත්.
18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන්නේදැයි 2010 සැප්තැම්බර් මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හදිසි පනත් කෙටුම් පතක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට යැවූ අතර එවකට නීති පතිව සිටි මොහාන් පිරීස් මහතා ජනාධිපතිවරයා වෙනුවෙන් එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට වූ තීන්දුව ලබාගැනීම වෙනුවෙන් පෙනී සිටි මොහාන් පීරිස් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිණිසුරු ලෙස කටයුතු කරන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්නේ එදා ලබාගත් තීන්දුවට අනුව සම්මත කළ 18වන සංශෝධනය මගින් තමන්ට තෙවන වරටත් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්විය හැකිද සහ තම දෙවන ධුර කාලයේ වසර 4ක් ගිය පසුව නැවත මැත්වරණයක් කැඳවිය හැකිද යන්නය.
නීතියේ ස්වාධීනත්වය සහ විනිවිධ භාවය රකින්නේනම් මේ මොහොතේ මොහාන් පීරිස් මහතා කළ යුතුවන්නේ කලෙකට ඉහත තමන් පෙනී සිටි කාරණයක් වෙනුවෙන් දැන් තමන්ම තීන්දුවක් දීම නොකර වහාම එම නඩුවෙන් ඉවත් වීමය.
කෙසේ නමුත් මේ වනවිට එම මොහාන් පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගකර තීන්දුවක් ගෙන තිබේ.
එම තීන්දුව ලබන සඳුදා (10) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ය.
මෙහි නඩුව අසා තීන්දුවක් ගෙන ඇති බව හෙළි වන්නේ ඊයේ (07) දිනයේ අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළ ජවිපෙ නීතීඥ සුනිල්වටගල මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරිය වසින් සිදුකර ඇති (දැන් නඩුවේ හියර්ඉන් ඉවරයි) යන ප්රකාශයෙනි.
එමෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ මෙම නඩුවේ හියර්ඉන් අවසන් කර ඇති බවයි.
Comment
Facebook Comment