ගම්පොළ නගරාධිපති සරත් ගාමිණී ලක්ෂ 30ට නැමුණු නැමිල්ල.




පසුගියදා සන්ධානය සමග එක්වු ගම්පොළ නගරාධිපති, එක්සත් ජාතික පක්ෂයේ ගම්පොළ ප්‍රධාන සංවිධායක සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතාට ඒ සදහා තුටු පඬුරු ලෙස ලබාදි ඇත්තේ රුපියල් ලක්ෂ 30ක් මුදලක් සහ පාවිච්චි කර ඉවත දමන ලද ඩිෆේන්ඩර් රථයක් බව වාර්තා වේ.
පසුගිය (15) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී ජනාධිපතිවරණයේදී ජනපතිගේ විජයග්‍රහණය තහවුරු කිරීමට කැප වී කටයුතු කරන බව නගරාධිපතිවරයා පවසා තිබේ.

ලබන වසරේ පැවැත්වෙන පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත් විම තමන්ගේ එකම අපෙක්ෂාව බවද ඔහු පවසා තිබේ. වසර 25ක් පුරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ හෙට්ටිආරච්චි මහතා වසර 12ක් ම ගම්පොළ නගරාධිපතිවරයා ලෙස කටයුතු ක‍ළේය.

ගම්පොළ ජනතාවගේ පොදු අපේක්ෂා ඉටුකර දීමට එක්සත් ජාතික පක්ෂය යටතේ තමන්ට කිසිදා අවස්ථාවක් නොලැබෙන බව පෙන්වා දුන් ඒ මහතා තමා ඒ ජනතාව වෙනුවෙන් කරන සේවය තවදුරටත් ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට නම් තමා කළ යුත්තේ අද මේ රටේ දීප්තිමත්ම සහ ශක්තිමත්ම නායකත්වය සමඟ එක්වීම බව ද පෙන්වා දුන්නේය.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment