Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ජැකා මහින්දවාදයත් හොරකම් කරලා.


ජැක්සන් ඇන්තනි එළැඹෙන ජනාධිපතිවරණය සඳහා "මහින්දවාදය" (Mahindaism) යනුවෙන් නව වදනක් එළි දක්වා ඇතැයි වාර්තා විය. ඔහු පසුගිය මැතිවරණ වල දී මහින්දව හඳුන්වා දෙන ලද්දේ "ජන මූල නායකයා" යනුවෙනි. සිය පක්ෂ පාතීත්වය 
මහින්දට පෙන් වීමට ඔහු විසින් සිය 69 වන උපන් දිනය සමරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන ක්‍රමය වනාහී මහින්දවාදයයැයි හඳුන්වා දීමට කටයුතු කලේ එය ජැක්සන් ඇන්තනීගේ සංකල්පයක් ලෙසිනි. නමුත් මෙය සංකල්පයක් හොරකම් කිරීමක් බව අනාවරණය වී තිබේ.

වාර්තා වන පරිදි එය 2011 වසරේදී මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව විසින් දියත් කරන ලද ව්‍යාපෘතියකින් සමාජගත කල යෙදුමක් බව හෙලිව තිබේ. මානව සම්පත් සංවර්ධන සභාවේ එවකට සභාපති නීතිඥ නිමල් බෝපගේ විසින් ඔහුගේ සංකල්පයක් මත මහචාර්යවරු තිදෙනෙකු ලවා සම්පාදනය කල කෘතියකින් මෙම යෙදුම සමාජගත කර තිබෙන අතර ජැක්සන් ඇන්තනී විසින් එය අමු අමුවේ කොපි කර ඇත්තේ නව යෙදුමක් හදුන්වාදෙන ආකාරයෙනි. මේ පිලිබද ක්ෂේත්‍රෙය් දැඩි කතාබහට ලක්ව ඇත්තේ කඩේ යාමේ උපරිමයට ළගාවූ අවස්ථාවක් ලෙසයි.

මේ අතර නිමල් බෝපගේ විසින් ෆේස්බුක් ගිණුමෙහි එම යෙදුමට වසර 3ක් පිරීම නිමිත්තෙන් පෝස්ටුවක්ද පල කර තිබේ.

මානව සම්පත් සංවර්ධන සභාවේ බ්ලොග් අඩවියකද මේ පිලිබද සටහන් වී ඇති බව ගූගල් සෙවීමකදී අනාවරණය වේ.

එය පහතින් පලවේ,

මහින්දවාදය සමාජගත කිරීම.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමන්ගේ උපදේශකත්වයෙන් මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ සභාපති නීතිඥ නිමල් බෝපගේ මහතාගේ සංකල්පයක් මත මහාචාර්යවරුන් ත්‍රිත්වයකගේ අධීක්ෂණය යටතේ "මහින්දවාදය" හෙවත් ශ්‍රී ලංකා දේශපාලනයේ "මහින්දවාදී න්‍යාය" "Mahindism" සමාජගත කිරීම 2011.09.22 දිනෙන් ආරම්භ වන මානව සම්පත් සංවර්ධන වසර වෙනුවෙන් සිදු කිරීමට නියමිතය.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP