Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඩලස් සහ බෙදුම්වාදය.


ඩලස් දහම්කුමාර අලහප්පෙරුම නැමති ඇමරිකානු නිත්‍ය නේවාසිකයාගේ ‘බෙදුම්වාදී ලැයිස්තුවට' අලුතින්ම එක්වී සිටින්නේ ඔහුත් සමග එකපතේ කමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාය.

ඊයේ (22) මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඩලස් අලහප්පෙරුම පවසා සිටියේ ඔහුට මෛත්‍රීගේ අතීතය පිළිබඳ ප්‍රීතියක් වර්තමානය පිළිබඳව විමතියක් හා අනාගතය පිළිබඳව ශෝකයක් ඇතිවන බවය. එමෙන්ම දේශද්‍රෝහී බෙදුම්වාදයේ අවශ්‍යතාවය අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රඟ දක්වමින් සිටින්නේ මෙගා ටෙලිනාට්‍යයක් බව කියා සිටියේය. රජයෙන් ඉවත්ව යන හැමඑකාම බෙදුම්වාදීන්ගේ ලැයිස්තුවට දැමීමට තරම් බෙදුම්වාදය පිළිබඳව හසළ දැණුමක් ඩලස්ට තිබේ.

බෙදුම්වාදය (Separatism) හා පිපිරීම (Split) යන වචන සංකල්පමය වශයෙන් එකම අරුත් දනවන වචන වුවද බෙදුම්වාදය තුල පිපිරීමට වඩා විශාල විෂය පථයක් ගොනුවී පවතී.

මෙම පිපිරීම (Split) අතීතයේ එක්තරා දේශපාලඥයෙකුට නැතිම බැරි වචනයක් විය. එකී දේශපාලඥයා නම් ඩලස් දහම් කුමාරට වඩා හැම අතින්ම ගව්ගණනක් ඉදිරියෙන් සිටි හිටපු කතානායකවරයෙක් වන කෝට්ටේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ස්ටැන්ලි තිලකරත්න මහතාය.

එවක ඔහු සෑම කතාවකදීම පැවසුවේ ‘රජය තුල විශාල පිපිරීමක් ඇති බවයි. ' (There is a clear split within the government) අසාගෙන සිටීමට බැරි ආකාරයටම ස්ටැන්ලි තිලකරත්න මහතා ඔහුට මෙම පිපිරුම ගැන කතා කලේය. ඔහුගේ මෙම බහුබූත කතාවට ආචාර්ය එන්.එම්. පෙරේරා එකලදී කදිම පිලිතුරක් ලබාදුනි.

ගරු ආචාර්ය එන්.එම්.පෙරේරා මහතා ඉංග්‍රීසියෙන් පවසා සිටියේ ' My right honourable friend from Kotte always talking about a '' split in the government''. I would like to say that my right honourable friend is fortunate enough to see the so called split at his eye level with his hight' (මාගේ ගරු කෝට්ටේ මිත්‍රයා හැම වෙලාවකම රජය තුල ඇති පිපිරුමක් ගැන සඳහන් කරයි. මේ පිළිබඳව මට කීමට ඇත්තේ මගේ ගරු මිත්‍රයාට එම පිපිරුම ඔහුගේ ඇස් මට්ටමෙන්ම දැක ගැනීමට වාසනාව සැලසී ඇත්තේ ඔහුගේ උසට පිං සිද්ධවන්නටය.) එදායින් එදා රජයේ පිපිරුම ගැන ස්ටැන්ලි තිලකරත්න මහතා වචනයක්වත් කතා නොකලේය.

මේ පිලිබඳව අපට කීමට ඇත්තේ ස්ටැන්ලි තිලකරත්නටත් වඩා කොට පුද්ගලයෙකු වන ඩලස් අලහප්පෙරුමට එකී බෙදුම්වාදය අඳුරේ වුව මනාලෙස දැකගත හැකි බවයි. අකුරැස්සේ ප්‍රාදේශීයසභා සභාපති සරුවා සුනිල් බෙදුම්වාදය පිලිබඳව සකස් කළ ඔහුගේ නිබන්ධනය ඩලස් දහම්කුමාර අලහප්පෙරුම සරුවා සුනිල්ගේ කරේ අත දාගෙන කලකට ඉහතදී තලු මරමින් රස වින්දේ ස්ටැන්ලි තිලකරත්නගේ පිපිරුමත් ඩලස් දහම් කුමාරගේ බෙදුම්වාදයත් එකක් බැවිනි.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment