Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

බොදු බලේ බළලා මල්ලෙන් එලියට.



බොදු බල සේනාව මේ වන විට දේශපාලනයට නැඹුරු වී ඇත. මේ වන විට ඔවුන් සිය දේශපාලන කමිටුවද පත් කොට ගෙන හමාරය. බොදු බල සේනා සංවිධානය ජනතාව අතරට පැමිනියේ ශාසනයට වන හානිය ගැන හා මුස්ලිම් අන්තවාදයක් ගැන කථා කියමිනි. එහෙත් මේ වන විට බොදු බලේ බළලා මල්ලෙන් එලියට පැන අවසානය.

බොදු බල සේනාව ඊයේ (16) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ තරුණ සමුළුවක් පැවැත්වීය. එහිදී ඔවුන් ඉල්ලීමක් කර ඇත්තේ සහභාගීවු එක් අයෙකු 100යක තරම්වත් පිරිසක් ඉදිරියේ එනම් ලබන වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත සමුථවට රැගෙන එන ලෙසය. පසුගිය කාලය පුරාවට දේශපාලන විචාරකයින් මෙන්ම වාමාංශික පක්ෂ නායකයින් පෙන්වා දුන්නේ ආණ්ඩුව පැසිස්ට්වාදී පාලනයක් ඇති කිරීම සදහා බොදු බල සේනා වැනි සංවිධානයන් යොදා ගනිමින් ක්‍රියා කරන බවය.

අපේක්ෂාභංගයට පත් තරුණ පරපුරක් පැසිස්ට්වාදී උම්මත්තකයින් පිරිසක් බවට පෙරළීමේ තවත් එක් ජයග්‍රාහී පියවරක් ලෙස BBS Youth සමුළුව පෙන්වා දිය හැක.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment