බොදු බල සේනා සංවිධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණයේදී සහාය දක්වන බව හෙට ප්‍රකාශ කිරීමට යන බව වාර්තා වේ.
තමන් මෙම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය දෙන බව අද මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශයට පත් කිරීමට සූදානම්ව සිටි බොදු බල සේනාවට අවසන් මොහොතේ දී රාජපක්ෂ විසින් උපදෙස් දී ඇත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන ලෙස හෙට ප්‍රකාශයට පත් කරන ලෙසයි. ඊට හේතුව නම් බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධානයක් සහාය දෙන බව කී විට දැනටමත් සුළු ජාතීන් ගේ විශ්වාසය දිනා සිටින පොදු අපේක්ෂකයා කෙරෙහි සුළු ජාතීන් කලකිරවීමයි. විශේෂයන්ම මුස්ලිම් කොන්ග්රසය සහ පොදු සන්ධානයේ පක්ෂ අතර මේ වන විටත් සිදුවෙමින් පවතින සාකච්ඡා කඩා කප්පල් කරවීමයි.
මෙම කුමන්ත්රණයේ පූර්ව ප්‍රචාරයක් ලෙස ඊයේ ආණ්ඩුවේ මඩ මාධ්‍ය මගින් කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන සහ බොදු බල සේනා අතර සාකච්ඡාවක් පැවැත්වීමට යන බවකි.
Comment
Facebook Comment