Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්දට අයියත් විශ්වාස නැහැ.

නීති විරෝධීව මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ පැවැත්වීමට සූදානම් වන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අබිරහස් බොහොමයක් තිබෙන බව හෙළවේ.

මේ අතරින් මූලික වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ලබා දුන් පිළිතුරයි. එය සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කළද කතානායකට පවා තවමත් එම ලිඛිත මතය ලැබී නැති බව ඊයේ (15)පාර්ලිමේන්තුවේදී හෙළි විය.

මේ අනුව හදිසි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අභිරහස් ගණනාවක් පවතින බව හෙළිවෙමින් තිබේ.

සභානායක නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට තෙවන වරටත් ඉදිරිපත් විය හැකිය යන්න අවසර ලබා දී ඇති බවයි. නමුත් එම ප්‍රකාශයට පදනම් වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛණය මේ වන තෙක් කතානායකවරයා වෙත ලැබී නැති බව ඊයේ (15) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා කළ ප්‍රකාශයකින් තහවුරු විය.

Share on Google Plus

Right to Reply