ගෝමිනුත් සොහොන් ලකුණු දකියි.


වත්මන් ජනාධිපතිවරයාට ‍තෙවෙනි වතාවට ඉල්ලන්න බැරි බවට විවිධ අදහස් මතුවෙමින් පවතින තත්වයක් තුළ ජනාධිපතිවරණය පැවැත්වුවහොත් කිසිඳු අපේක්ෂකයෙකුට 50%ක ඡන්ද ප්‍රථිපළයක් නොලැබෙන බව අධිනීතීඥ ගෝමින් දයාසිරි මහතා පවසයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ "එක් අතකින් තවමත් ජනාධිපතිවරයාට තුවැනි වතාවට ඉල්ලන්නට බැරිය කියන වාතාවරණය හා ඒ වෙනුවෙන් ඒ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කුමක් දැයි තවමත් ප්‍රකාශයට පත්ව නොතිබීමද සලකා බලන්නට සිදුවෙලා. එසේ වෙතත් ජනාධිපතිවරයා තවදුරටත් එම තනතුරේ තබා ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ මේ රටේ ජනතාව බවත් කිව යුතුය.

කෙසේ වුවත් ඇතැම් විට ජනාධිපතිවරයා ආණ්ඩුපක්ෂයෙන් තේරී පත්වී සිටියත් විපක්ෂය ආණ්ඩු බලය ගන්නත් ඉඩ තියෙනවා. එහිදී උතුර නැඟෙනහිර පළාත්වලින් සංහල - බෞද්ධ අපේක්ෂකයන්ට විශාල ජනවරමක් ලැබෙන්නටත් ඉඩක් නැහැ. ඒ නිසා ඉහත සඳහන් කළ පරිදි50% ඡන්ද ප්‍රතිශතයක් ගන්න කිසිවෙකුටත් නොහැකි වන පසුබිමක් තමයි දැන් සැකසෙමින් තියෙන්නේ.

කරුණු සලකා බැලීමේදී ඒ අනුව මෙම ජනාධිපතිවරණය මෙරටට තීරනාත්මක බලපෑමක් ඇති කරවිය හැකියි."

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙවෙනිවරට ඉදිරිපත් වීමත් ඔහුගේ දෙවන ධුර කාලය වසර 6 අවසන් නොකර නැවත ජනාධිපතිවරණයක් කැඳවීමත් රටේ ව්‍යවස්ථාවට පට හැනි බව පවසමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ජනතා විමුක්ති පෙරමුණ සහ එජාපයේ නීතීඥයන් ඇතුළු විශාල පිරිසක් රටහමුවේ මතුකරමින් පවසන්නේ එසේ ජනාධිපතිවරණය පැවැත්වීම නීතිවිරෝධී බවයි.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment