Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්දගේ ඡන්ද මෙහෙයුම ඇමරිකාණුවන් තිදෙනෙකුට.

මහින්ද රාපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සියල්ල ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියන් තිදෙනෙකුට බාර දී තිබේ.

මේ අතරින් විවෘතව සිටින මූලිකයා වන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු දශක කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙක්ව සිට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු මෙරටට පැමිණි අයෙක්ය.

මේ වනවිට අභ්‍යන්තරයෙන් හමුදා බලය මෙහෙයවමින් ක්‍රියා කිරීමට උත්සාද දරමින් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු යුධ හමුදා නිලධාරීයෙකු වශයෙන් සිටි අතර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය උත්සන්න වෙමින් පැවති අවධියේ හමුදාවෙන් පළා ගොස් ඇමරිකා එක්සත් ජනපදයේ පුවැසිභාවය ලබාගෙන සිට, බැසිල් රාජපක්ෂ මහතා සේම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු මෙරටට පැමිණි ‍අයෙක්ය.

‍බටහිර බලවේග පිළිබඳව ජනතාව තුළ මහා භීතියක් ඇති කරමින් දේශප්‍රේමිත්වය ඉස්මතු කිරීමට කථාකරන රාජපක්ෂ පාලනය මෙරටේ ආරක්ෂක ලේකම් ධුරය සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය යන බලගතු තනතුරු දෙකම ඇමරිකා එක්සත් ජනපදයේ මෙම පුරවැසියන්ට ලබා දී තිබේ.

අනෙක් තැනැත්තා වන්නේ "මනුෂ්‍යත්වයේ පැතුම" යන තේමා පාඨය යටතේ 1994දී දකුණු පළාත් සභාවට පොදු ජන එක්සත් පෙරමුණෙන් තරඟ කර පසුව එම ආණ්ඩුව යටතේ ඇමතිවරයෙකු වශයෙන් සිටි ඩලස් අලහප්පෙරුම මහතාය. එවකට ආණ්ඩුව තුළින් ඇතිවූ විවිධ පීඩාවන් දරාගත නොහැකිව ඇමරිකා එක්සත් ජනපදයට පළාගොස් සිට, අනෙක් දෙදෙනා සේම මහින්ද රාජපක්ෂ යටතේ මෙරටට පැමිණි අයෙක්ය.

මෙම තිදෙනාම බ‍ටහිර කුමන්ත්‍රණකාරී බලවේග පිළිබඳව නිරන්තරයෙන් ජනතාව භීතියට පත් කරමින් සිටින්නන් වේ.

Share on Google Plus

Right to Reply