Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්දට 3 වරක් පුළුවන්ද? නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වෙයි.


වත්මන් ජනාධිපතිවරයාට 3 වන වරට ජනාධිපතිවරණයකට තරඟ කළ හැකිද? කියා ජනාධිපතිවරයා විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ලිපියක් යවා තිබේ.

මෙය අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබන සිකුරාදා විමසා බැලීමට නියමිත අතර ඒ සඳහා සහභාගී කර ගන්නා අනෙකුත් විනිසුරුවන් කවුදැයි මෙතෙක් නම් කර නැත.

මෙහි ඇති අපූර්වත්වය නම් මේ කිසිවක් නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන පහත සඳහන් ප්‍රශ්න දෙකද අරලියගහ මැදුරේ සිට සකසා තිබෙන්නේ ද අගවිනිසුරු මොහාන් පීරිස් විසින්ම වීමයි. එහිදී බැසිල් රාජපක්ෂ මොහාන් පීරිස් ට පවසා ඇත්තේ මෙය සිකුරාදා රැගෙන ලබන සඳුදා ට තීන්දුව ලියා දෙන ලෙසයි. ප්‍රශ්නය අසන්නේත් මොහාන් පීරිස් ය. තීන්දුව ලියන්නේත් මොහාන් පීරිස් ය.

රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් මොහාන් පීරිස් විසින් අරලියගහ මැදුරේදී ඉංගිරිසියෙන් සකස් කරන ලද ප්‍රශ්න දෙක පහත දැක්වේ..

1. Whether the incumbent president is entitled, at any time after the expiration of four (4) years from the commencement of his current term of office, by Proclamation, declare his intention of appealing to the People for a mandate to hold office by election for a further term, as amended by `8th Amendment?

2. Whether the incumbent President is qualified to be elected to the office of President for another term in terms of Article 31(2) read with Article 92(c) as amended by the 18th Amendment or visa versa?

ඉහත ප්‍රශ්න දෙකෙහි දළ සිංහල පරිවර්තනය මෙසේය.

1. වත්මන් පදවි දරණ ජනාධිපතිවරයාට සිය වත්මන් ධූරකාලය ආරම්භ වී සිව් වසරක් ගත වූ පසු තමන් තෝරා පත් කර ගැනීමෙන් ධූරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනා කිරීමේ තම අභිලාෂය ප්‍රකාශණයක් මගින් ප්‍රකාශ කරනු ලැබිය හැක්කේද?

2. 18 වන සංශෝධනයෙන් සංශෝධනය වූ ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (2) වගන්තිය සමග කියැවෙන 92 (ඇ) යටතේ තවත් ධූර කාලයක් සඳහා තේරී පත් වීමට වත්මන් ජනාධිපති වරයාට සුදුසුකම් ඇත්තේ ද?

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment