Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ජනාධිපතිවරණ දිනය බණ්ඩාරනායකගේ උපන්දිනය බව මතක් කරද්දී ජනාධිපති ක්ලාන්ත වී ලංකා හොස්පිට්ල් රෝහලට රැගෙන ගිහින්.



තම පක්ෂයේම මහ ලේකම් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමෙන් සහ විශාල කණ්ඩායමක් කඩා ගෙන යෑමෙන් නොසිතූ විරූ අන්දමේ පරාජයකට මුහුණ දී සිටින ජනපති මහින්ද හදිසියේ අසනීප වී ගෝඨාභය රාජපක්ෂ සභාපති ධූරය දරන ලංකා හොස්පිටල් හෙවත් පැරණි ඇපලෝ රෝහලට රැගෙන ගොස් ඇත.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය වූ ජනවාරි 08 දා 
ජනපති මහින්දට සුබ දවස වනවා සේම එය ශ්‍රීලනිපයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේද උපන්දිනය බැවින් එය බණ්ඩාරනායක වරුන්ට වාසි විය හැකි යැයි ජනපති මහින්ද සමග කතා කරමින් සිටි අයෙක් පැවසීමත් සමග ජනපති මහින්ද ක්ලාන්ත ගතියක් ඇතිවී අසල තිබූ අසුනක වාඩි කරවා ඇත. සියළු දෙනා කලබල වී ඇති අතර මඳකට පසුව ක්ලාන්ත ගතිය පහව ගිය නමුත් වෛද්‍ය උපදෙස් මත ලංකා හොස්පිට්ල් රෝහලට රැගෙන ගොස් පරීක්ෂණයක් පවත්වා තිබේ.
ජනපති මහින්ද රෝහලට පැමිණ ඇත්තේ රාත්‍රී 7 ට පමණ බව අපගේ ලංකා හොස්පිට්ල් හි අභ්‍යන්තර තොරතුරු කරුවෝ පවසති. පරීක්ෂණ පැවැත්වූ වෛද්‍යවරුන් පවසා ඇත්තේ වෙහෙස නිසා ඇතිවූ කම්පන තත්ත්වයක් නිසා ක්ලාන්ත ගතියක් ඇතිව තිබෙන බවයි. විවේක ගැනීමට උපදෙස් දීමෙන් පසු රාත්‍රී 8.30 ට පමණ ජනපති මහින්ද රෝහලින් පිටත්ව ගොස් ඇත.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment