ආණ්ඩුවෙන් පනින්න යන නවීන් අයවැය විවාදයට නැහැ.


රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ (19) පැවති එම අමාත්‍යංශයේ අයවැය කාරක සභා විවාදයට පැමිණීමෙන් වැළකී ඇත. ඊට අමතරව එම අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමති විජය දහනායක මහතාද එම විවාදයට සහභාගී වීමෙන් වැළකී සිට ඇත.

ආණ්ඩුව ඇතුළේ සිට කුමන්ත්‍රණ නොකර ආණ්ඩුවෙන් ඉවත්ව යන ලෙසට පසුගිය දිනක පැවති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී ජනාධිපතිවරයා දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් නවීන් දිසානායක ඇමතිවරයාට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කර තිබේ.

මේ වනවිට ආණ්ඩුව සමග දැඩි ලෙස කළකිරීමට ලක්වී සිටින ඇමතිවරුන් කණ්ඩායමේ නවීන් දිසානායක මහතාද සිටින අතර අමාත්‍යංශය වෙනුවෙන් 2015 වසරට වෙන් කර ඇති මුදල මෙම වර්ෂයට වඩා රුපියල් මිලියන දහතුනකින් කපා හැර තිබේ. මෙම පසුබිම තුළ ඇමතිවරයා තම අමාත්‍යංශයේ කාරක සභා විවාදයට සහභාගී වීමෙන් වැළකී සිටින්නට ඇති බවත් ඉදිරියේදීඇමතිවරයා දේශපාලනිකව දැඩි තීන්දුවක් ගනු ඇති බවත් දේශපාලන විචාරකයෝ අනාවැකි පළකර සිටිති.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment