නිමල්, ජෝන් හා දිනේෂ් ආණ්ඩුවෙන් කැපිලා.


ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා ඉහලම කණ්ඩායමෙන් නිමල් සිරිපාල ද සිල්වා සහ ජෝන් සෙනෙවිරත්න කැපී ගොස් ඇතැයි වාර්තා වේ.

ඊයේ (29) දා රාත්‍රී 7.30 ට පමණ මෙකී ඉහලම තීන්දු ගන්නා කණ්ඩායම ජනපතිගේ නායකත්වයෙන් රැස්වූ අතර ඊට සහභාගීව සිටියේ බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, සුසිල් ප්‍රේම් ජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා පමණි. නිමල් සහ ජෝන් දෙදෙනාද සැකයට භාජනය වී ඇති බැවින් ඔවුන් කපා දමා ඇත.

මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වන දිනේෂ් ගුණවර්ධන ද ජනාධිපතිවරණ ව්‍යාපාරයෙන් කැපී ගොස් තිබේ. කිසිදු සංවිධාන කමිටුවකට දිනේෂ් ගුණවර්ධන තෝරා ගෙන නැත. මේ සම්බන්ධයෙන් දිනේෂ් දැඩි කලකිරීමට ලක්ව සිටී.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment