සුසිල් සහ අනුරගෙන් පවිත්‍රාට කුණු බැණුම්.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය විසින් සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කොළඹ ඩාලි පාරේ, ශ්‍රීලනිප මූලස්ථානයේ හතරවන තට්ටුවේ ඊයේ (28) යෙදුණු සුභ මොහොතින් විවෘත කර ඇත. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වී ඇත්තේ ශ්‍රීලනිප ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ සභාපතිනිය වන පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට හෝ එක්සත් ජනතා සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාට හෝ මෙම අවස්ථාව සඳහා ආරාධනා කිරීම හිතාමතාම පැහැර හැරීම උත්සවයට සහභාගි වූ සියළුදෙනා අතර කතාබහට ලක්වී තිබේ. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට හා ඔහුගේ බිරිඳට හැරුණු විට පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් මත නිල ආරාධනා පත්‍ර යවා ඇත්තේ අමාත්‍ය නිමල් සිරිපාල සිල්වාට පමනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ විධායක සභිකවරියක් වන චන්ද්‍රිකා ද සොයිසා ලේකම්වරුන් දෙදෙනාගෙන් ඊයේ උදෑසන උත්සවයට පැමිණෙන්නේදැයි ඇසූ විට ඔවුන් දෙදෙනාම තමන්ව නොසලකා හැරීම පිළිබඳව පවිත්‍රාට බැණ වැදීමට පටන්ගෙන තිබේ. ‘පවිත්‍රා ඔය විදිහට හැසිරෙන්නෙ කාගෙ බලයක් අරගෙනද? එයා ඔහොම උත්සවයක් තියෙනව කියලවත් පක්ෂෙ මහලේකම්වරයටවත් දන්වල නෑ. අපිව බල්ලො බළල්ලු ගානට දාන්න පවිත්‍රා කවුද? එයා අපෙන් ප්‍රසිද්ධියෙ සමාව ගත යුතුයි' යනුවෙන් තමන්ව ඇමතූ කාන්තා සංවිධානයේ නිලධාරීන් කිහිප දෙනෙකුටම අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබේ.

පවිත්‍රාගේ ක්‍රියාකලාපය පිළිබඳව විරෝධය දැක්වීමක් වශයෙන් කාන්තා සංවිධානයේ ක්‍රියාකාරිනියන් ඇය විසින් පුෂ්පා රාජපක්ෂට කිරි උතුරවන ලෙසට ආරාධනා කළ අවස්ථාවේදී ඊට ඉඩ නොතබා එය නෑහුන විලස කිරි ඉතිරීමේ කාර්යය සිදුකර ඇත. සිදුවුන ක්‍රියාවෙන් ඉමහත් සේ ලැජ්ජාවට පත්වී ඇති පුෂ්පා රාජපක්ෂ නුරුස්නා මුහුණින් යුතුව එහි ටික වේලාවක් රැදී සිට එම ස්ථානයෙන් පිටත්වී ගොස් තිබේ. ඇය ගියපසු කාන්තා ක්‍රියාකාරිණියන්ට එසේ කිරීම පිළිබඳ පවිත්‍රා දොස් පවරා ඇති අතර ඊට පිලිතුරු වශයෙන් එක් ක්‍රියාකාරිණියක් පවසා ඇත්තේ ‘පවිත්‍රා නෝනා එකක් මතක තියාගන්ඩ. අපි දේශපාලනය කලේ අද ඊයෙ නෙවෙයි. නෝනගෙ තාත්තලත් එක්ක. අපි දේශපාලනේ පටන් ගන්නකොට නෝනලා මොන්ටිසෝරියෙ' කියාය.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment