Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සියඹලාපිටිය ටෙලිකොම් විකුණයිද?


ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම අයර්ලන්තයේ ට්‍රිනිටි විශ්වවිද්‍යාලය සමග එක්ව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට තොරතුරු තාක්ෂණ ඇමති රංජිත් සියඹලාපිටිය මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව හෙළි වේ. ටෙලි කොම් සමාගමේ මේ සඳහා දරන වියදම කොපමණදැයි මේ දක්වා හෙළි වී නැත.

මේ සඳහා දැනටමත් පාදුක්ක ප්‍රදේශයේ පිහිටා තිබූ චන්ද්‍රිකා මධ්‍යස්ථානයකට අයත් අක්කර තිස් හතරක ඉඩමක් ලබාගෙන තිබේ. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ මේ වනවිට පවතින දැඩි තරඟය හමුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම දිනා ගෙනතිබූ වෙළෙඳපොළ කොටස විශාල වශයෙන් අහිමි වී ලාභය වේගයෙන් පහළ යමින් තිබෙන පසුබිමක මෙම ආයෝජනය නිසා ටෙලිකොම් සමාගම දැඩි ආනතුරකට පත්වන්නේ යැයි උසස් නිලධාරීන් බිය පළ කරති.

නවීන 4G තාක්ෂණයේ පහසුකම් තම පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා රුපියල් කෝටි දහයකට ආසන්න ණය මුදලක් ලබාගෙන තිබියදී තම පාරිභෝගික පිරිස ආකර්ශනීයව දිනාගත නොහැකි වී ඇති බව හෙළි වේ. මෙවැනි පහසුකම් ටෙලිකොම් සමාගම මුල් කරගෙන රාජ්‍ය සමාගම් හරහා පෞද්ගලික විශවවිද්‍යාල ඇති කිරීමට සූදානම් වීම නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමේ තවත් ආරම්භයක් වශයෙන් මුලපුරණ නිසා බරපතල තත්වයක් ඇතිවී තිබෙන බව අනාවරණය වේ.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment