Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ශ්‍රීලනිප මහලේකම් කම SBට අහිමි කලේ රජගෙදර කේන්දරකාරයා.


මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම නිසා පුරප්පාඩු වූ ශ්‍රීලනිප මහලේකම් පදවියට බහුතරයක් විසින් යෝජනා කරන ලද උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ නම අවසාන මොහොතේදී කැපී ගොස් ඇත්තේ 2014 වසරේ අගභාගයේ සිට 2018 වන තෙක් එස්.බී. දිසානායක මහතාගේ ජන්ම පත්‍රයේ ජනාධිපතිවරයාටත් වඩා ප්‍රභල රාජයෝගයක් පවතින බවට රාජකීය දෛවඥයන් විසින් ජනාධිපතිවරයාට කරුණු සැල කිරීමත් සමග බව අරලියගහ මන්දිර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

2007 වසරේදී එස්.බී. දිසානායක මහතාට උදාවූ චන්ද්‍ර ඒරාෂ්ඨකයෙන් ඔහුව හිරේ විලංගුවේ පවා වැටීමට නියමිත බවත් නමුත් සත්වසරක චන්ද්‍ර ඒරාෂ්ඨකය 2014 අවසානයේදී ගෙවී යන බැවින් ඒ මහතා වැන්නෙකු ඉහළ පදවියකට පත්වුවහොත් එය වත්මන් නායකත්වයට ඉතා අහිතකර බව රාජකීය දෛවඥයන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

වත්මන් ශ්‍රී ලංකා දේශපාලනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා උත්තරීතර භාවයක් කේන්දරයට ලැබෙන බැවින් මේ සියලු කරුණු සලකා එස්.බී. දිසානායක අමාත්‍යවරයාව සිටිනා ලෙසම තබා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. නමුත් ජනාධිපතිවරයාට අවංකවම සහාය පලකරන සියළුම දෙනා පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරය මුළුමනින්ම බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට හා එස්.බී. දිසානායක අමාත්‍යවරයාට පැවරීම තුලින් ශ්‍රීලනිපයේ පරණ ඡන්ද මැෂිම (එස්.බී) හා අලුත් ඡන්ද මැෂිම(බැසිල්) එක් කිරීම වඩා ප්‍රතිඵලදායී බවයි. නමුත් එස්.බී දිසානායක මහතාගේ රාජයෝගය ඒ සඳහා හරස් වී තිබේ.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment