Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

"ඔඩොක්කු මෙහෙයුමට" විමල් විතරයි.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී හෙට (12) ජාතික සංවිධායක එකමුතුව විසින් පවත්වන රැලියට සහභාගී නොවීමට ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ ජලප්‍රවාහන අමාත්‍ය මහජන එක්සත් පෙරමුණ පක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් දෙදෙනාගේ එම තීරණයත් සමග මෙම රැලිය සංවිධානය කළ විමල් වීරවංශ මහතා මහත් අපහසුතාවයට පත්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි. විමල් වීරවංශ මහතා ඉතා සූක්ෂම ලෙස මෙම රැලිය සංවිධානය කරමින් එම රැලියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වා එහිදී අදාළ පක්ෂ තුනේම සහාය ජනාධිපතිවරයා වෙත ලබා දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට සැලසුම් කර තිබී ඇත.

විශේෂයෙන් ජාතික හෙළ උරුමය පක්ෂය මේ හරහා කොටුකර ගැනීමට කර තිබූ විමල් වීරවංශ මහතාගේ සැලසුම මේ අනුව ව්‍යර්ථවී යන බැවින් මේ වනවිට ජනාධිපතිවරයාද ඊට සහභාගී වීම අවිනිශ්චිත තත්වයක පසුවේ.

මෙම රැලිය සඳහා නිවාස හා ඉදිකිරීම අමාත්‍යංශයේ හා නිවාස අධිකාරියේ සේවකයන් ගෙන්වීමටත් මාලිගාවත්ත ආදී ප්‍රදේශවල ජනතාව ගෙන්වා ගැනීමටත් සැලසුම් කර තිබේ.

Share on Google Plus

Right to Reply