Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

විමල් ඇමතිකම බේරාගැනීමේ සටනක.. ඇමතිකම නැතිනම් පක්ෂයකුත් නැහැ



විමල් වීරවංශ තම අමාත්‍ය ධුරය රැකගැනීමේ මාරාන්තික සටනක නියැලී ඇති බව පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ අමාත්‍යවරයෙක් පවසයි. ඔහු ඒ වෙනුවෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහ ඇතැම් දේශපාලඥයින්ට සහ පක්ෂවලට මඩ ප්‍රචාරයක් දියත් කර ඇති බවද එම අමාත්‍යවරයා පවසයි. ඔහු මේ බව පවසන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා මේ දිනවල පවසන දේ ගැන ප්‍රතිචාර දක්වමිනි.

නිවාස අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවලට අනුයුක්ත කරගෙන ඇති විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පක්ෂයේ හිතවතුල් ලවා පවත්වාගෙන යනු ලබන ලංකා සී නිවුස් වෙබ් අඩවිය යොදාගෙන මෙම මඩ ප්‍රචාර දියත් කරමින් ඇති බව එම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එම වෙබ් අඩවියේ නිවාස අමාත්‍යංශයේ දැන්වීම් ප්‍රචාරය කරමින් මුදල්ද ලබාගන්නා බව ඔහු පවසයි.

‘විමල්ට තියෙන එකම අභියෝගය ඇමතිකම රැකගන්න එක. මොකද එයාගේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයද මධ්‍යමකාරක සභාවද කියලා එකක් හදාගෙන තියෙනවා. ඒකේ සියලුම දෙනා ඉන්නේ නිවාස අමාත්‍යංශයේ ආයතනවල. එයාගේ පක්ෂේ තියෙන්නේ නිවාස අමාත්‍යංශයේ. විමල්ට ඇමතිකම නැති උනොත් පක්ෂෙත් ඉවරයි. ඒකයි මේ තරම් බය වෙලා ඉන්නේ. විපක්ෂයේ පොදු අපේක්ෂකයා දිනන බව ආණ්ඩුවේ හැමෝම දන්නවා. විමල් බයවෙලා තියෙන්නෙත් ඒකට‘ හිටපු ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් සහ හිතවතුන් නිවාස අමාත්‍යංශයේ ආයතනවල දරණ තනතුරු කිහිපයක් පහතින් දැක්වේ.

සරත් වීරවංශ - ඇමති පුද්ගලික ලේකම් (විමල් වීරවංශ ඇමතිවරයාගේ සහෝදරයෙක්)

ජයන්ත සමරවීර - සභාපති, නිවාස අධිකාරිය (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)

දීපාල් ගුණසේකර - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)

මොහොමඩ් මුසම්මිල් - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, ඉංජිනේරු සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)

වෛද්‍ය වසන්ත බණ්ඩාර - අමාත්‍යංශ උපදේශක (මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය)

පද්ම උදය ශාන්ත - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, නිවාස සංවර්ධන අධිකාරිය (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව සහ ඌව පළාත් සභා සන්ධාන මන්ත්‍රී)

සුජිත් මුතුකුමාරණ - අලෙවි සංවර්ධන නිලධාරී, ඉංජිනේරු සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව සහ සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති)

ඒ. එච්. ඉංදික, සුසිල් සමන්ත, කේ.වී.අයි. ප්‍රියංගනී ඇතුළු හැටකට ආසන්න පිරිසක් ඉංජිනේරු සංස්ථාවේ අලෙවි සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන කිසිදු රාජකාරියක් නොමැතිව නිවාස අමාත්‍යංශයෙන් වැටුප් ලබයි.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment