Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ජනාධිපතිගෙන් බැසිල්ට කුණු බැනුම්!



පසුගිය නාමයෝජනා දිනයේදී ශ්‍රී ලංකාවේ සෑම ජාතික පුවත්පතක් සමගම 2009 මැයි විසිවෙනිදා යුධ ජයග්‍රහණය පිළිබඳව පලවූ පුවත් අතිරේකයක් ලෙස ලබා දීමට ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවන බැසිල් අමාත්‍යවරයා සැලසුම් කර තිබී ඇත. මෙම යුධ ජයග්‍රහණ පුවත් අතිරේකය සැලසුම් කිරීමේදී 2009 මැයි 20 වෙනිදා යුධ ජයග්‍රහණ පුවත්වල පලවූ එවක යුධහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නම වෙනුවට හමුදා ප්‍රකාශක වශයෙන් යොදා ගන්නා ලෙසට බැසිල් අමාත්‍යවරයා විසින් එම කාර්ය කිරීමට භාර දී තිබූ ‘ට්‍රයි ඇඩ්' ඇඩ්වර්ටයිසින් සමාගමේ සම හිමිකාරියක වන වරුණි අමුණුගම මහත්මියට උපදෙස් දී තිබේ.

සැලසුම් කර තිබූ මෙම අතිරේකයේ ජනාධිපතිවරයා යුධ ජයග්‍රහණය සමරමින් කටුනායක ගුවන්තොටුපොලේ පොලොව සිප ගන්නා අයුරු දැක්වෙන මාධ්‍ය වලින් අවුරුදු 5 ක් පුරා පට්ට ගැසූ ඡායාරූපයක් පලකිරීමට සැලසුම් කර තිබුනි. මේ පිළිබඳව ජනාධිපතිවරයාට අදහස් දක්වා ඇති ඔහුගේ දමිල හිතවතුන් පවසා ඇත්තේ එම ඡායාරූපය නැවත පලකළ හොත් කිසිදු ද්‍රවිඩ ජාතිකයෙක් ජනාධිපතිවරයාට ඡන්දය නොදෙන බවයි. ඒ වෙනුවට ඔවුන් ඉල්ලා ඇත්තේ යාල්දේවී දුම්රිය යාපනයට පැමිණුනු දා ගත් ඡායාරූප උතුරේ මුද්‍රණය සමග පලකරන ලෙසයි. දමිල හිතවතුන්ගේ අවවාදය තරයේ හිතට ගෙන ඇති ජනාධිපතිවරයා බැසිල් ඇමතිවරයාට කතාකොට ‘උඹ හදන්නෙ මට කෙලවන්නද?' කියමින් තිත්ත කතාවෙන් බැණ වැදීඇත. ඉන්පසු මහරෑ දෙගොඩ හරියේ වරුණි අමුණුගම අමතා ඇති ජනාධිපතිවරයා වහාම එම අතිරේකය මුද්‍රණය කරන එක නවතා උතුරේ මුද්‍රණයට යාල්දේවී පින්තූර යොදා ගන්නා ලෙස උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා ඉන්පසු තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය සිය පුතුන් තිදෙනා හට ඔවුන්ගේ සිතු මනාපය පරිදි සිදු කිරීමට ඉඩහැර ඇත. ඒ අනුව බැසිල් අමාත්‍යවරයා මේ වන විට ඡන්ද කැම්පේන් එකෙන් කැපී ගොස් සිටී.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment