මහින්දට, සංචාරක මණ්ඩලයෙන් කෝටි 4 ක ඇඩ්වර්ටයිසින් - මේ කාගේ සල්ලිද?


ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් ලියෝ බ්ර්නට් සොලුශන්ස් වෙත රු. මිලියන 40ක කොන්තරාත්තුවක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී ඇත. මෙම කොන්තරාත්තුව සංචාරක ප්‍රවර්ධන කටයුත්තක් ලෙස පෙන්නුම් වන ලෙස Above The Line Advertising Campaign for CSR යනුවෙන් නම් කොට ඇත. සංචාරක මණ්ඩල සභාපති භාෂ්වර ගුණරත්න විසින් මෙම කොන්තරාත්තුව ශ්‍රී ලාංකික සංචාරකයන් වෙත කෙරෙන ප්‍රවර්ධන කටයුත්තක් බව අධ්‍යක්ෂක මණ්ඩලය නොමග යවා ඇත.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු විශ්‍රාමික ගණකාධිකාරී එස්. විමලසේන නම් දූෂිත නිලධාරියා ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා නීති විරෝධී ලෙසින් සංචාරක මණ්ඩලයේ ගනකාධීකාරී ධුරයට බඳවාගෙන මෙවන් දුෂිත ගනුදෙනු නිත්‍යානුකුල බවට ගොනුගත කිරීම සඳහා කමිටුවක් පිහිටුවා ඇත. සංචාරණ මණ්ඩල ගිණුමෙන් කෝටි ගණනක මුදලක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දිනපතා යෙදවේ. 

විමලසේන ගණකාධිකාරී වරයා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සිදුකල සුවිසල් මුල්‍ය අක්‍රමිකතා දෙකක්ද ඉදිරියේදී හෙළි කරමු.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment