Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ටියුෂන් ගුරුන් 4000 කින් මහින්දගේ සහයට 400 යි.


රාජපක්ෂ කණ්ඩායම විසින් මහින්ද රාජපක්ෂට සහාය දීම සඳහා කොළඹ නාරාහේන්පිට ශාලිකා ශාලාවට අද දිවයින පුරා සිටින පෞද්ගලික ටියුෂන් ගුරුවරුන් 4000 ක් ආරාධනා පත්‍ර යවා කැඳවා ඇති ඊට පැමිණ ඇත්තේ 400 ක පමණ පිරිසක් යැයි වාර්තා වේ.

අද රාත්‍රී ආහාර සංග්‍රහය 4000 කට සූදානම් කර ඇති නමුත් කෑමට සිටින්නේ 400 ක පමණ පිරිසකි. ඉනුත් සියයක් පමණ අවට පොලිසි වලට ඇමැතුම් දී කැඳවා ගත් පොලිස් නිලධාරීන් මිස ටියුෂන් ගුරුවරුන් සිටින්නේ 300 ක් පමණ පිරිසක් බවද වාර්තා වේ.

මේ ආකාරයටම ඊයේ විද්‍යෝදය මිතුරන් යැයි පිරිසක් මහින්ද රාජපක්ෂට සහාය පිනිස කැඳවූයේය. එහිදී 2500 කට ආරාධනා පත්‍ර යවා කෑමද සූදානම් කර තිබූ නමුත් පැමිණ සිටියේ 250 ක පමණ ඉතා සුළු පිරිසකි. පසුව කෑම ඉවත දැමීමට සිදුවන බැවින් අවට පාරේ යන එන ජනතාව කෑම කන්න යැයි කැඳවා ගෙන ඇති නමුත් එලෙසද කැඳවා ගත හැකිව ඇත්තේ සියයක පමණ සුළු පිරිසකි. ඉන්පසු ඊයේ දිනයේද විශාල කෑම ප්‍රමාණයක් ඉවත දැමීමට සිදුවිය.

කොළඹ අරලියගහ මැදුරට උදේට සහ සවසට කණ්ඩායම් දෙකක් නිතිපතා කැඳවා කන්න බොන්න දී ඡන්දය ඉල්ලීමට අමතරව නාරාහේන්පිට ශාලිකාවද එවැනිම කණ්ඩායම් කැඳවා සප්පායම් කිරීමට යොදා ගෙන තිබේ. 

අරලිය ගහ මැදුරට කැඳවන පිරිසට දෙන එක් කෑම වේලක බිල රුපියල් 950 කි. දිනකට අවම වශයෙන් 5000 පැමිණෙන අතර දිනක කෑම බිල පමණක් රුපියල් 47 ලක්ෂ පනස් දහසකි. අතුරු පසට දෙන ඇපල් ගෙඩියක් සඳහා පමණක් දිනකට රුපියල් ලක්ෂ 2 ක් වියදම් කරති. මේ සියළු මුදල් මැදමූලන රාජපක්ෂලා නොගෙවන අතර ඒ සියල්ල මහජන මුදලින් වියදම් කරති. අද පැවැති රැස්වීමකදී රාජිත සේනාරත්න මේ ගැන සඳහන් කරමින් කීවේ මහින්ද පිනා කැම්පේන් එකක් කරන බවයි. 

මේ අතර අද (15) මහින්ද රාජපක්ෂ සහභාගී වූ ආණ්ඩුවේ ප්‍රධාන රැලියක් පානදුරේ පැවැති අතර ඒ සඳහා බස් 692 කින් කොළඹ ගම්පහ කලුතර ආදී ප්‍රදේශ වලින් සෙනග ඇද්දවූ නමුත් පැමිණ සිටියේ 6000 ක පමණ පිරිසක් බව පොලිසිය පවසයි.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP