Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මෛත්‍රීගේ කේන්දරයට ඉල්ලුම වැඩි වෙයි.

ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපන් වේලාව හා ලග්නය මෙන්ම ජන්ම කේන්දරයේ ඇති නිවැරදි තොරතුරු සොයා ගැනීම සඳහා දැඩි ඉල්ලුමක් පවතින බව වාර්තාවේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම කේන්දරයේ පවතින තොරතුරු මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව නොමැති නිසා ඒවා ලබා ගැනීම සඳහා ඔහුගේ පවුලේ ඥාතීන්, සමීප හිතවතුන්,මිතුරන් හා සිරිසේන මහතා සමීපව සබඳතා පවත්වන භික්ෂූන් වහන්සේලා වෙතින්ද යම් යම් පුද්ගලයන් දිගින් දිගටම විමසීම් සිදු කරමින් සොයා බලන බවද වාර්තාවෙයි.

තමන් ජ්‍යෝතිෂ්‍ය පුවත්පත්වලින් හා ප්‍රකට ජ්‍යෝතීර්වේදීන් බව පවසමින් මෙම විමසීම් සිදුකර තිබේ. 

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම කේන්දරයේ තොරතුරු ඇති බවට විශ්වාස කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතාම හිතවත් පොළොන්නරුවේ වැඩ සිටින භික්ෂූන් වහන්සේ නමක් වෙතද පසුගිය දින කීපයේ දී දිගින් දිගටම මෙම ඉල්ලීම ඉදිරිපත් වී ඇති අතර එම භික්ෂූන් වහන්සේ එම පිරිස්වලට තොරතුරු ලබා දීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

එෙස්ම මෛත්‍රීගේ පවුෙල් සාමාජිකයන්ද  මේ දිනවල මෛත්‍රීගේ කේන්දරය පරිස්සම් කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කර අැති බවද විශ්වාස කටයුතු අාරංචි මාර්ග සඳහන් කරයි. 

Share on Google Plus

Right to Reply