Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

බබා කවුද?


රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අයත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ මාධ්‍යවේදීන් විශාල පිරිසක් මේ වනවිට පවතින පාලන ක්‍රමයට එරෙහිව පොදු අපේක්ෂකයාට සහයෝගය පළකරන තත්වය පාලනය කර ගැනීම සඳහා අද (05) උදේ අරලියගහ මන්දිරයේදි එම මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගේ හමුවක් මහින්ද රාජපක්ෂ මහතා විසින් පවත්වා ඇත.

මෙහිදි ජනාධිපතිවරයා මෙයට පෙර සඳහන් කළ ෆයිල් පිළිබඳව දුර්වල අර්ථ කථනයක් ලබා දීමට උත්සාහ කර ඇති බව හෙළිවේ. ෆයිල් සම්බන්ධයෙන් තමා ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලයට ලැබෙන ෆයිල් පිළිබඳව යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. නමුත් ඔහු ප්‍රසිද්ධියේ තර්ජනාත්මකව ප්‍රකාශ කළේ '' ඔය හැමකෙනෙක්ගේම ෆයිල් මගේ ලඟ තියෙනවා. ඒ වුනාට මම ඒවා අදින්නෑ. '' යනුවෙන්ය.

මෙම ප්‍රකාශයට එරෙහිව රටතුළ දැඩි මතයක් නිර්මාණය වූ අතර මැති ඇමතිවරුන් තර්ජනාත්මකව පාලනය කිරීමේ අදහසින් එය ප්‍රකාශ කළද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා වාසිදායක තත්වයක් ජනාතව අතර ඇතිවීම නිසා එය ආපසු හරවා ගැනීමට දැන් වෙනත් අර්ථ කථන දීමට උත්සාහ කරයි.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment