Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

බන්දුල පද්මකුමාර රනිල්ගේ කේන්දරය බලයි.


ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන ලේක් හවුස් සභාපති බන්දුල පද්මකුමාර විසින් ආරම්භ කළ ‘සෙත්මිණ' දෙවන කළාපය ලබන අඟහරුවාදා නිකුත්වීමට නියමිත බැව් ලේක්හවුස් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

 මෙවර කළාපයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්කාලීන ග්‍රහචාරයට බන්දුල පද්මකුමාරගේ අර්ථකතනය ලබාදීමට නියමිතය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට සාර්ථක අගමැතිවරයෙක් වීමට නොහැකි බවට අනාවැකියක් පලවීමට නියමිතය. අගමැතිධූරයේ වගකීම් සම්භාරය දරාගැනීමට නොහැකි නිසා රනිල් වික්‍රමසිංහ මහතා සම්පූර්ණයෙන් අසාර්ථක වන බව  සෙත්මිණේ පලවන්නේ බන්දුල පද්මකුමාරගේ ඉල්ලීමක් පරිදිය.

එමෙන්ම තුලා ලග්න හිමි මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසි කලෙක රටේ නායකත්වයට පත්විය නොහැකි බවට පරණ පූර්වාදර්ශ ‍ගෙනහැර පාමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කේන්දරය පිළිබඳවත් මෙම කලාපයේ පලවීමට නියමිත බැව් වාර්තා වේ.

මෙම සෙත්මිණ ජ්‍යෙතිෂ්‍ය පුවත්පතේ කතෘවරයා වන්නේ කේ.සී.ජේ. රත්නායක නැමැත්තෙකි. ජනාධිපතිවරණයට පෙර තවත් කලාප 2 ක් මුද්‍රණය කොට ඉන්පසු පුවත්පත මුද්‍රණය කිරීම නවතා දැමීමට බන්දුල පද්මකුමාර කතෘවරයාට උපදෙස් දී තිබේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කිරීම සඳහා ලිපියක් යොමු කර ඇත.



2014.12.27
මහින්ද දේශප‍්‍රිය මහතා    
මැතිවරණ කොමසාරිස්    
මැතිවරණ මහලේකම් කාර්යාලය,    
සරණ මාවත,    
රාජගිරිය.

කොමසාරිස්තුමනි,

මහින්ද රාජපක්‍ෂ අපේක්‍ෂක වෙනුවෙන් ලේක් හවුස් විශේෂ පුවත්පතක්
රජයේ එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම මගින් ප‍්‍රකාශයට පත්කරනු ලබන ජ්‍යෙතිෂ්‍ය පුවත්පතක් වන ‘‘සෙත්මිණ” පුවත්පතේ 2014 දෙසැම්බර් 30 වැනි දින මුද්‍රණයට නියමිත කළාපය, විශේෂ මැතිවරණ ප‍්‍රකාශණයක් ලෙස නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

එමගින් මහින්ද රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය කරනු ලබන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතාට කිසිදු ආකරයකින් අගමැති තනතුර ලබා ගැනීමට නොහැකි බවත් අවධාරණය කර ඇති අතර එය මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් ජ්‍යෙතීෂ්‍යවේදීන්ගේ විශේෂ ප‍්‍රකාශවලින් යුක්ත වේ.

රජයේ ප‍්‍රකාශණයක් වන ‘සෙත්මිණ’ පුවත්පතේ මෙම විශේෂ කලාපය නිකුත්වීම තුළින් 2015 ජනාධිපතිවරණයේ අනෙකුත් අපේක්‍ෂකයන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බැවින් එම පුවත්පත මුද්‍රණය කිරීම හා බෙදාහැරීම වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.
තුසිත හල්ලොලූව
සම්බන්ධීකාරක

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP