ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුමෙන් මේ වන විට කැපී ගොස් සිටින ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතාට රාජ්‍ය මාධ්‍ය තුලින් සහ රජයට හිතවත් පුද්ගලික මාධ්‍ය තුලින් කිසිදු ආකාරයක ප්‍රසිද්ධියක් නොදෙන ලෙස ප්රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා නියෝග කර ඇත.
ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා බැසිල් අමාත්‍යවරයාගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙකි. නමුත් ඔහුට ඊට ඉහලින් නියෝග ලැබී ඇත්තේ බැසිල් ඇමතිවරයාගේ තටු තවදුරටත් කප්පාදු කරන ලෙසයි.
පවතින තත්වය හමුවේ බැසිල් අමාත්‍යවරයාගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායම සම්පූර්ණයෙන්ම අක්‍රීය වී සිටී. මේ වන විට ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් ව්‍යාපාරය ඔහුගේ පුතුන් තිදෙනා හා සුළු ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හසුරුවනු ලැබේ.
Comment
Facebook Comment