බැසිල්ගේ මැතිවරණ කමිටුවේ ‘මණ්ඩලේ කචල්'
මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සම්බන්ධීකාරක බැසිල් රාජපක්ෂගේ ගෝලයින් එකිනෙකා කෙරෙහි අවිශ්වාසය මත කටයුතු කිරීම නිසා මැතිවරණ කමිටුවේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී පවතී. ඔවුන් එකිනෙකා අතර පවතින සැකය නම් තමන් කරන කටයුතු පිළිබඳව ඔවුන් අතර සිටින අය මෛත්රීපාලගේ කඳවුරට තොරතුරු සපයන බවයි. එම නිසා මෛත්‍රීගේ අය කවුද? මෛත්‍රීගේ නොවන අය කවුද? යන්න ඔවුන් සැම දෙනාට විශාල ගැටළුවක් හටගෙන ඇත.
බැසිල්ගේ ගෝලබාලයින් විසින් දිනපතා ඔවුන්ගේ දින චරියාව අරඹන්නේ බත්තරමුල්ලේ පාර්ලිමේන්තුව අසළ ‘අපේ ගම' තුලදී පාතරාස හමුව නොහොත් Breakfast meeting පවත්වමිනි. එසේ උදෑසන ආහාරයට ගන්නේ කලින්දා රාත්‍රියේ ඔවුන් එකිනෙකාගේ රුචියට අනුව ඇණවුම් කරන ලද ආහාර වර්ගයන්ය. මෙම පාතරාස හමුව සඳහා විලී ගමගේ, අනිල් කොස්වත්ත, මහාචාර්ය රංජිත් බණ්ඩාර, වසන්තප්රිය රාමණායක, ආරිය රූබසිංහ, ආචාර්ය ධම්ම දිසානායක, නිමල් බෝපගේ, ප්‍රභාෂ්වර ගුණරත්න, ජගත් වැල්ලවත්ත හා ප්රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් යන අය සහභාගි වේ. ඉඳහිට මෙම පාතරාස රැස්වීම සඳහා මේ දිනවල පක්ෂයේ කුඩු හා එතනෝල් ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා සිංහල ශබ්දකෝෂයේ අලුත් වචන හොයන ඩලස් දහම්කුමාර ද පැමිණේ.
ඉන්පසු ඔවුන් විවිධ රාජකාරි සඳහා පිටත්ව ගොස් සවස නැවත එකතුවන්නේ කොළඹ 07 හෝටන් පෙදෙසේ බැසිල්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේය. මේ දිනවල මේ කණ්ඩායමෙන් ඩලස්ගේ සොහොයුරෙකු වන සාරංග අලහප්පෙරුම නැමැත්තා කැපී ගොස් ඇති අතර ඔහුට පවරා ඇති රාජකාරිය වන්නේ රූපවාහිනී විවාද සඳහා රජයේ මැතිඇමතිවරුන් සම්බන්ධීකරණය කිරීමයි.
මීට අමතරව කොළඹ යූනියන් පෙදෙසේ තවත් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂක විජිත මල්ලෑව හා ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙහි සේවය සඳහා යොදාගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙන් හා පෙරටුගාමී පක්ෂයෙන් නෙරපනු ලැබූ හෝ විශ්‍රාම ගිය විප්ලවවාදීන්ය. ඔවුන්ට ලබාදී ඇති ඉලක්කය නම් ෆේස්බුක්, ට්විටර්, ලින්ක්ඩින් වැනි අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය ජාල හරහා ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීමයි.
මෙම කණ්ඩායම් සියල්ලටම මේ වන විට මුහුණ දීමට සිදුවී තිබෙන ප්‍රධාන ගැටළුව වන්නේ ඔවුන් අද සැලසුම් කරන සැලසුම් පැය 24 ක් ඉක්ම යාමට මත්තෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ කඳවුරට ලැබෙන්නේ කෙසේද යන්නයි. එසේ හෙයින් ඔවුන් එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් කටයුතු කිරීම නිසා සමස්ථ මැතිවරණ ප්රචාරක ජාලයම එකම අවුලක් බවට පත්වී තිබේ.
Comment
Facebook Comment