Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

චන්ද්‍රිකාට හා ධර්මසිරිට එරෙහිව ස්වර්ණා යොදා ගැනීමේ නින්දිත වෑයමක්.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හා මේ වන විට රජයට එරෙහිව ප්‍රභල හඬක් නගමින් කලාකරුවන් සංවිධානය කිරීමේ අභීත මෙහෙවරක යෙදී සිටින සම්මානනීය චිත්‍රපට හා නාට්‍ය අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක මහතාට එරෙහිව, සිංහල සිනමාවේ පෙරලිකාරී නිළියක් වන ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය ‘පාවිච්චි කිරීමේ' නින්දිත වෑයමක් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේද ආශිර්වාදය ඇතුව ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.

ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය මේ වන විට දුෂ්කර ආර්ථික තත්වයකින් බොරැල්ලේ කුඩා මහල් නිවාසයක ජීවත්වන බව ජනාධිපතිවරයාට දන්වා ඇති ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ඇයට නිවසක් ලබාදී බේත් හේත් ගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් ලබාදීමෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඇගෙන් විශාල සහායක් ලබාගත හැකි බව ජනාධිපතිවරයාට පවසා ඇත.  

ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය ලවා ඇගේ දියණියගේ පියා වන ධර්මසිරි බණ්ඩාරනායක මහතාට හා ඇය සමීපව ආශ්‍රය කළ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට අපහාස කිරීම තුලින් ජනාධිපතවරයාට වාසියක් ලබාගත හැකි බව ඩලස් අලහප්පෙරුම පැවසූ විට ‘මං හිතන්නෑ ස්වර්ණා ඒ දෙන්නට අපහාස කරයි කියල. එහෙම කරන්ඩ බැරිනම් අඩුම තරමේ මට සහාය පල කරනව කියල හරි ප්‍රකාශයක් අරගෙන ඔය කීයක් හරි දීල දාන්ඩ' යනුවෙන් ජනාධිපතිවරයා ඩලස්ට උපදෙස් දී තිබේ. ඒ අනුව ජනාධිපතිවරණයේ අවසාන සතියේදී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියගෙන් අදාළ ප්‍රකාශය ලබාගැනීමට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටී.

Share on Google Plus

Right to Reply