කුමා ස්ටිකර්කරුවාගේ කැරැට්ටුව මෙන්න.


ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීම් (කටවුට්) සකසන්නේ එතනෝල් ජාවාරම් කරුවකු බවට තොරතුරු හෙළිව තිබේ. සුවද විලවුන් ගෙන්වන්කු වන මෙම ව්‍යාපාරිකයා සුවද විලවුන් නිශ්පාදනය සඳහා යැයි කියමින් මහා පරිමාණයෙන් එතනෝල් ආනයනය කරන්නකු බව කියැවේ.

මෙරට සුවඳ විලවුන් නිශ්පාදනය සඳහා  එතනෝල් ආනයනය කරත් මෙරට මහා පරිමාණයෙන් සුවඳ විලවුන් නිශ්පාදනය නොකරයි. එහෙත් මෙලෙස ගෙන්වනු ලබන එතනෝල් ලබා ගන්නේ බාල වර්ගයේ මත්පැන් නිපදවීම සඳහාය.

පසුගිය කාලයේ මෙලෙස රේගු බදු  නොගෙවා එතනෝල්  කන්ටේනර් විශාල ප්‍රමාණයක් වරායෙන් ඉවත් කර ගැනීමට මෙම ජාවාරම්කරුවන් සමත් වී තිබුණු අතර රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්න ලද රහසිගතව ගෙන එනලද එතනොල් කන්ටේනර් හී සැබෑ හිමිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූයේද නැත.
ඒ කෙසේ නමුත් රටපුරා කටවුට් දසදහසක් පමණ මේ වන විට මෙම කුමා ස්ටිකර්ස් නම් ආයතනය නමින් පිහි‍ටුවා ඇති අතර තවත් අතිවිශාල කටවුට් ප්‍රමාණයක් සූදානම් කරමින්ද පවතී.

 මෙහි නම සඳහන් ව්‍යපාරිකයා අප්‍රසිද්ධියේ වෙසෙන්නකු වන අතර “කුමා ස්ටිකර්ස්” යන නමින් පමණක් පෙනී සිටියි. ඔහු ඩබ්ලිව්. කුලතුංග නම් වන බව දැනගැනීමට ඇත.

මෙම පුද්ගලයා ජනාධිපතිවරයා හා ඔහු කුඩා කළ සිටම දන්නා හඳුනන අය වන අතර දෙදෙනාම බෙලිඅත්තේ සිට පැමිණෙන්නෝ වෙති.

“කිසි කෙනෙක් මට ජනාධිපතිතුමාගේ කටවුට් බැනර් දාන්න කියල කියල නැහැ. මම මේක කරන්නේ මගේ ම පෞද්ගලික අදායමෙන්. මම සුවඳ විලවුන් හා අරුමෝසම් බඩු ආනයනය කරන ව්‍යාපාරිකයෙක්. මීට අවුරුදු 25කට කලින් විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂගේ ඩිජිටල් පොස්ටර් මුලින්ම මුද්‍රණය කළේ මමයි” යනුවෙන් මෙම පුද්ගලයා ඔහු ඉරිදා ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශයක්ද ලබා දී තිබේ.

ඒ අනුව, “මේ කටවුට් වලට යන වියදම මමවත් දන්නේ නැහැ. මේව මුද්‍රණය කරන්න මම වරකට රුපියල් මිලියන 1ක් හෝ දෙකක් ලබා දෙනවා” යැයි ද මෙම කටවුට් සවිකිරීම සඳහා රාත්‍රී කාලයේ දී ලොරියක් හා අත් උදව්කරුවන් දෙදෙනකු යොදා ගනු ලබන බවද ඔහු කෙබරයක් පවසයි.

“මට වෙනමම මුද්‍රණාලයක් නැහැ. මට තියෙන්නේ පුංචි ඇඩ්වටයිසින් ඒජන්සියක් විතරයි. ඒකට ඔෆිස් එකක්වත් නැහැ. ගොඩක් දේශපාලඥයෝ ඔවුන්ගේ කටවුට් මට කියල හදාගන්න ඇහුවා. ඒත් මම හදන්නේ ජනාධිපතිතුමාගේ කටවුට් විතරයි” ජනපතිගේ මෙම අපූරු යහලුවා පවසා තිබේ.

“මට කොළඹ නගර සභාවේ අවසරය ලැබෙන්නේ නැහැ. ඔවුන් කටවුට්වල යකඩ බට කපා ඒවා රැගෙන යනවා” ‍යිද ඔහු පවසයි.

කෙසේ නමුත් මෙම විවිධ ප්‍රමාණයේ කටවුට් නිර්මාණය හා ඒ පිහි‍ටුවීම සඳහා රුපියල් දසදහසේ සිට ලක්ෂ හතරක පමණ දක්වා පිරිවැයක් දැරීමට සිදුවේ. එමෙන්ම විශාල ප්‍රමාණයේ කටවුට් දහස් ගනනක් දින කිහිපයක් තුල රටපුරා සවිකිරීම පුද්ගලයන් දෙදෙනෙකුට කළ හැකි රාජකාරියන් නොවන බව ඕන මෝඩයකුට තේරෙන ඇත්තකි.

සත්‍ය කතාව කුමා ස්ටිකර්ස් ආයතනයේ කටයුතු සඳහා වරායේ සේවකයන් 300ක් පමණ මුදා හැර ඇති බවත් එම කණ්ඩායම කඩුවෙල බියගම පාරේ කුමා ස්ටිකර්ස් ආයතයට අයත් යැයි කියන ගොඩනැල්ලක රඳවා ඇති බවත් ය. ඔවුන්ගේ ආහාරපාන වාරය අධිකාරියෙන් සැපයෙන බවත් වාර්තා වෙයි.

එමෙන්ම මේ වෙනුවෙන් අදාල පළාත්පාලන ආයතනවලට ගෙවිය යුතු බදු මුදල් සත පහක්වත් ගෙවීමට මෙම ආයතනය කටයුතු කර නොමැති අතර එම නීති විරෝධී කටවුට් ඉවත් කිරීමටද විපක්ෂයේ බලය තිබෙන පළාත් පාලන අයතන මඟින්ද සිදු නොකරයි.

කුමා ස්ටිකර්ස් ආයතනයේ ප්‍රධානියා පවසන පරිදි මෙම කටවුට් සඳහා තම පෞද්ගලික ධනය වැය කරන්නේ යැයි පැවැසූවද මේ වෙනුවෙන් සියළු ගෙවීම් සිදු කරනු ලබන්නේ රජ්‍ය අනුබද්ධ සමාගම් මඟිනි. ඊට සාක්ෂියක් පහත දක්වා ඇත.

 මේ රාජ්‍ය අනුබද්ධ සමාගම් විගනනය කිරීමද විගනකාධිපතිවරයාට අවසර නැති අතර රාජපක්ෂ පවුලේ සියළු කූට ගනුදෙනු සිදුවන්නේ මෙම සමාගම් මඟිනි. වරක් දෙනියායේ මාලිගාවක් තැනුවේද මඟ නැගුම නම් රාජ්‍ය අනුබද්ධ සමාගම මඟිනි.

පසුගිය ජනාධිපතිවරණයේදිද ජනාධිපතිවරයාගේ කටවුට් නිර්මාණය කළේ කුමා ස්ටිකර්ස් ආයතනය විසින් වන අතර එවකට සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ රජයේ අමාත්‍යංශය පරිශ්‍රයක කාමරයක කුමා ස්ටිකර්ස් ආයතනයේ කාර්යාලයක් පවත්වාගෙන ගියේය. එහි තිබුණේ මේසයක්, පරිගනකයක් පු‍ටු දෙකක් පමණක් වන අතර සේවකයන් දෙදෙනකු සිටියහ.

කුමා ස්ටීකර්ස්කරුවා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක අතර පිහිටි අහංගම ගොවියාපාන ගම්මානයේ, ගොවියාපාන මහින්ද චින්තන ගිමන්හලේ හිමිකරුවා ද වන්නේය. එය නීතිවිරෝධි ලෙස ඉදිකරනු ලැබුවකි.

කුමා සතුව තවත් ගිමන්හලක් හම්බන්තොට දිස්ත්‍රික්යේ තිබේ. "කුමා රෙස්ටොරන්ට්" යනු එයයි. හම්බන්තොටට පැමිණෙන රාජපක්ෂවරුන්ට අවශ්‍ය සියලු සප්පායම් කෙරෙන්නේද මෙම ස්ථානයෙනි. 

ගොවියාපාන ගිමන්හලට පැමිණෙන්නන්ගේ අවධානය සදහා "කුමා" ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ සමග සිටින ජායාරූප දෙකක් එල්ලා තිබේ. එමගින් සංඥාකරනු ලබන්නේ මෙම ගිමන්හලේ ආහාර පිළිබදව හෝ වෙරළ ආශ්‍රිත ඉදිකිරීම් පිළිබඳව පරීක්ෂා කිරීම අනවශ්‍ය බවයි.

මේ අතර "කුමා"ට හෝටල් ඉදිකිරීම සදහා උතුරේත් නැගෙනහිරත් ඉඩම් ලැබී තිබේ. ඒවා ලැබී ඇත්තේ මහින්ද චින්තනයෙනි. මුල් පදිංචිකරුවන්ගේ ඔප්පු නොමැතිවීමෙන් පදිංචිය තහවුරු කළ නොහැකි ජනතාවගේ ඉඩම් මෙසේ පවරාගෙන මේවන විට මැණුම් කටයුතු පවා සිදුකර තිබේ.

මේ අතර ගොවියාපාන ගිමන්හල ආශ්‍රිතව ඇති දූපත ද නොබෝ දිනකින්ම මෙම ගිමන්හලේම දේපළක් බවට පත්වනු ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් ඒ ආශ්‍රිතව ඇති සංචාරක නවාතැන්වල සිට මෙම දූපත නැරඹීම සදහා යාමට තිබූ අවස්ථාව ඒ අනුව තවත් ටික කලකින් කුමාගේ ගිමන්හලට පැමිණෙන අයට පමණක් උරුමවේ.

ප්‍රධාන පෙලේ ජාවාරම් කරුවකු වන "කුමා" තවත් අප්‍රකට ව්‍යාපාර රැසක හිමිකරුවකුද වෙයි. ඇතැම් ව්‍යාපාරවල ඔහුගේ නම තිබුණත් ඒවායේ ඇත්ත අයිතිකරුවන්වන්නේ රාජපක්ෂවරුන්ම බවද තතු දත්තෝ පවසති.



(The independent)




Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment