Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්දට අසාධ්‍යයි - දොස්තර මහතීර් කැඳවයි.


ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණීමත් සමග මහින්ද රාජපක්ෂ මහතාට මුහුණ දීමට සිදු වී තිබෙන අතිශය බියකරු තත්වය හමුවේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද දිනාගැනීම සඳහා භාවිතා කරන අලුත්ම තුරුම්පුව වශයෙන් මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් මහතා ගෙන්වා සම්මන්ත්‍රණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අනාවරණය වේ.

ඊයේ (02) පුවත්පත්වල පළ කර තිබූ පිටු භාගයක දැන්වීමකින් මේ බව අනාවරණය වේ. ශ්‍රී ලංකා රජය ආයෝජන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ වරාය අධිකාරිය මූලික වී මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබේ. සම්මන්ත්‍රණය නම් කර තිබෙන්නේ '' හම්බන්තොට වැදගත්කම 2014'' යනුවෙන්ය. එය සිරිමාවෝ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී දෙසැම්බර් 09 සවස 6.30ට පැවැත්වීමට නියමිතය.

'' අද්විතීය හමුවීමකට අනගි අවස්ථාවක් ආර්ථික සංවර්ධනයේ ජයග්‍රාහී නියමුවා, මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය ගරු මහතීර් මොහොමඩ් මැතිදුන් සහභාගී වන'' යනුවෙන් එහි හැදින්වීම කර තිබේ. සීමිත පිරිසකට නොමිලේ ඇතුල් විය හැකි පරිදි සම්මන්ත්‍රණය සංවිධානය කර තිබේ.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment