Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

දුරකථන ඇමතුමකටත් බියේ පලා යති - මහින්දානන්ද වීරයා මැරිලා.

ජනාධිපතිවරණය ආරම්භයේදී රූපවාහිනී වාද විවාද වැඩ සටහන් වලට පැමිණි මරාවාදී මැති මැරයෝ විපක්ෂ විවාදකයන්ගේ පපු කෑහ. රන්ජන් මරා දමන්නට මැරයෝ රැගෙන ආහ. නමුත් ආණ්ඩුවෙන් පදාසයක් ගැලවී විපක්ෂයට ඒමත් සමග දැන් විවාදයන්ට මුහුණ දී ගත නොහී පලා යති. 

පසුගියදා සටන වැඩ සටහනින් පළා ගොස් ඉන්පසුව මාධ්‍ය සාකච්ඡාවක් අවලංගු කර පලා ගියහ. ඊයේ දහවල් ආණ්ඩුවේ මාධ්‍ය හමුවේදී බීබීසී මාධ්‍යවේදියාට මුහුණ දී ගත නොහී නිමල් සිරිපාල සුසිල් සහ ඩලස් මාධ්‍ය හමුව හදිසියේ නවතා දැමූහ. මාධ්‍ය වේදියා ඇසුවේ සරල පැනයකි. ජනක තෙන්නකෝන් වැනි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් මේ ආණ්ඩුවේ කුඩුකාරයන් එතනෝල්කාරයන් ඉන්නවා යයි කීවා. එහෙම ඉන්නවාද? ඒ කව්ද? යන්නයි. ගොළු වී ගොත ගැසූ නිමල් සිරිපාල අවසානයේ හදිසියේම මාධ්‍ය හමුව දැන් ඇති කියා නිම කෙළේය.

ඊයේ රාත්‍රී දෙරණේ වාද පිටියෙන් ප්‍රේක්ෂකයෙකුගේ දුරකථන ඇමැතුමකට මුහුණ දී ගත නොහී මහින්දානන්ද පළා ගියේය. ප්‍රෙක්ෂකයා ඔහුගේ නමවත් නොකී නමුත් තමා විසින්ම තොප්පිය දාගත් මහින්දානන්ද ගොනාට ඇන්ද අයුරු පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය. 

Share on Google Plus

Right to Reply