Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අමීර් අලීට නියෝජ්‍ය ඇමතිකම වෙනුවට රුපියල් මිලියන 50 ක්.



ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම් අස්වර් ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව පිරවීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බදුර්දීන් අමාත්‍යවරයාගේ කණ්ඩායමේ අමීර් අලී තමාට නියෝජ්‍ය ඇමතිධූරයක් ලබාදෙන තෙක් පාර්ලිමේන්තුවට පැමිනීම ප්‍රතික්ෂේප කොට ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කණ්ඩායමේ ඉල්ලීම වී තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් හා නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදෙන්නේ නම් පමණක් ඔවුන් තවදුරටත් ආණ්ඩුවට සහාය දක්වන බවයි.

නමුත් බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන බොදු බල සේනාව රජයට සහාය දක්වන බවට ප්‍රකාශ කිරීමත් සමග අමීර් අලීගේ ආධාරකරුවන් හා මුස්ලිම් පල්ලි නියෝජිතයන් ඔහුට අවධාරණය කර ඇත්තේ රජයට සහාය දැක්වීම සඳහා පාර්ලිමේන්තු නොයන ලෙසයි.

ඊයේ (03) රාත්‍රී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රිෂාද් බදුර්දීන් හා අමීර් අලී සමග තීරණාත්මක සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේ දී පවත්වා ඇති අතර එහිදී නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් තමාට කිසිසේත් මේ අවස්ථාවේදී ලබාදිය නොහැකි බවට ජනාධිපතිවරයා පවසා ඇත. ජනාධිපතිවරයාගේ සාකච්ඡාවෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හමුවී ඇති රිෂාද් සහ අමීර් තමන්ට කෙසේ හෝ නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබාදෙන්නේ නම් රජයට සහාය දැක්විය හැකි බව පවසා තිබේ. එවිට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යධූරය වෙනුවට රුපියල් මිලියන 50 ක් ලබාදිය හැකි බවයි. ඒ සඳහා යම්කිසි එකගතාවයක් දක්වා ඇති රිෂාඩ් බදුර්දීන් සහ අමීර් අලී බැසිල්ගෙන් ඉල්ලා ඇත්තේ එම මුදල රුපියල් මිලියන 100 දක්වා වැඩිකර දෙන ලෙසයි. යම් හෙයකින් අමීර් අලී පාර්ලිමේන්තුවට පැමිණියහොත් ඇතිවී ඇති සත්‍ය තත්වය තේරුම් ගැනීම පාඨක ඔබට භාර කරමු.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment