දිලිත් ජයවීරට ජනාධිපති දෙහි කපයි!


ගාල්ල ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලිය ඇමතීමට යාමට ප්‍රථම ජනාධිපතිවරයා, ‘ට්‍රයි ඇඩ්' ඇඩ්වර්ටයිසින් සමාගමේ සම හිමිකාර දිලිත් ජයවීර අමතා තිත්ත කතාවෙන් බැණ වැදී ඇති බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

‘තමුසෙල වැඩ කරන්නෙ මං පරදී කියල හිතාගෙනද? මට මතකයි තමුසෙ 2010 ත් කරපු දේ. වයිෆ්ට කැන්සර් එකක් වගේ කියල පිටරට මාරුවුනා. මම දින්න විතරයි කැන්සර් එකත් හොඳවුනා. තමුසෙ මේ ගමනත් දෙපැත්ත කනව කියල ආරංචියි. හැම එහෙකටම තමුසෙ ඉස්සරහට දාන්නෙ වරුණිවලු. ඇයි තමුසෙට එළියට බැහැල මට වැඩ කරන්ඩ බැරි? පහුගිය අවුරුදු ගානටම තමුසෙල කොච්චර අපෙන් හම්බකර ගත්තද? තමුසෙ දැන් එංගලන්තෙ ඉන්වෙස්ටර් වීසා එකත් අරගෙනලු නේද?  මට පොත දාන්න හදන්න එපා. තමුසෙලගෙ සේරම දේවල් මං දන්නව. හොඳයි ඔහොම යං. හැබැයි මම දිනුවොත් තමුසෙ එංගලන්තෙටම වෙලා ඉන්නවා' යනුවෙන් දිලිත් ජයවීරට දොස් නගා තිබේ.

ඒ සඳහා හේතු වී ඇත්තේ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු කොටසක් ඉටු කර දීමට භාරගෙන ඇති දිලිත් ජයවීර තිරය පිටුපස සිටිමින් එම කටයුත්ත කරනවාට වඩා ඒවා අවුල් කරමින් සිටින බවට මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් ජනාධිපතිවරයාට කර ඇති පැමිණිල්ලයි.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment