Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රිවිර පත්තරයේ බය බොයි ගැති මාධ්‍ය වික‍්‍රම.


රිවිර පත‍්‍රය ගැන යමක් ලියන්න අවස්ථාව පැමිණ ඇත. අද 2014 දෙසැම්බර් මස 10 වෙනි දින රිවිර පත‍්‍රයේ මුල් පිටේ මුල් පුවත ඒ සඳහා අවශ්‍ය පාදම සකසා ඇත. පත‍්‍ර කලාවේ බොහෝ ඉසව් ඇත. ඒවා ජාතික පත්තර දේශපාලන පත්තර ළමා පත්තර කාන්නා පත්තර චිත‍්‍රකතා පත්තර ආදි ලෙස විවිධ ඉසව් දැකිය හැකිය.

ජාතික පත්තර අද නැති තරම්ය. එහෙත් මේ කියන පත්තර අතරට රිවිර වැටෙන්නේ කොතැනටද යන්න පසුගිය කාලයේ කාටත් ප‍්‍රශ්නයක් විය. රිවිර පටන් ගත් සේන යද්දෙහිගේ කීවේ රිවිර පටන්ගත්තේ දේශපාල න පක්‍ෂ එකමුතු කොට නව ජාතික දේශපාලනයක් නිර්මානය කිරිම සඳහා බවය. එහෙත් රාජපක්‍ෂ පවුලේ කෑදරයන්ට හැම බෙට්ටේම සුවඳ බලන එයින් ටිකක් ඇ`ගිල්ල ගසා දිවේ ගා බලන ආසාවක් වෙමින් රටම දනී. ඒ කැතකම කෑදැකම හමුවේ හොඳ පත්තරයත් වෙමින් වැඩුන රිවිරට හෙනහුරා උදාවිය. රිවිර ආරම්භක කර්තෘ උපාලි තෙන්නකෝන් රාජපක්‍ෂ පවුලේ කේන්දරයට ගැලපුනේ නැත. ඔවුන් සැලසුම් සහතගතව රිවිර පත්තරයට එෙහෙයියෙක් පත් කර ගැනීමේ සැලැසුම ඇඳ කි‍්‍රයාත්මක කළේය. උපාලි තෙන්නකෝන් මැරුම් නොකා බේරුනේ ඒ කුමන්ත‍්‍රණය නිසාය. ඒ සිද්ධ වුනේ අවුරුද්දට හඳ බලනවා වාගේ විදියටය. ලසන්ත වික‍්‍රමතුංග මරා දැමීම අවලක් කිරිමට ඒ සමග බැලන්ස් මිනිසෙකුට ගහන්න සැලසුම් කළ විට රාජපක්‍ෂ කෙනෙකුට එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගැනිමේ අදහසක් ඉස්මතුවිය. උපාලි තෙන්නකෝන් ගුටි කා නොමැරී බේරුනේ ඒ අනුවය. සැලැස්ම අනුව උපාලි රටින් පැන යන්ට ගියේය. සැලැස්ම අනුව රිවිර කර්තෘකම ඇබෑර්තු විය.ඒ සඳහා හොඳම එහෙයියා තෝරු ගැනීමට ටිකක් කල් ගතවිය. දැන් එහෙයියා වැඩ පටන් ගෙන ඇත. වර්තමාන රිවිර කර්තෘ වැඩ කරන්නේ ඒ ව්‍යාපෘතියේය.උපාලි මරන්න ගිය හේතුව කි‍්‍රයාත්මක වුනේ එහෙමය. දැන් රිවිරට කර්තෘ කෙකෙනක් නැත. එහෙත් කවුදෝ පත්තරය කරමින් සිටී.

නොවැම්බර් මාසයේ ජාතික දේශපාලනය සම්බන්ධ හොඳම ප‍්‍රවෘත්තිය කුමක්දැයි රිවිර කර්තෘගෙන් අහන්න.

පොදු අපේක්‍ෂකයා සම්බන්ධ සිද්ධියෙදී රාජිත සේනාරත්න චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග සැටලයිට් ටෙලිපෝන් වලින් කතා කිරීම බව දත් තිස් දෙකම ස්සරහට දමා කියනු ඇත. රිවිර කර්තෘ ඒ උත්තරය දි කොහොමද මගේ දැනුම කියා නො අසා සිනාසෙනවාය. එහෙත් නොවැම්බර් හොඳම සිද්ධිය රාජපක්‍ෂ ආණ්ඩුවේ රෙද්ද ගැලවී වැටිමය. ඒ ගැන රිවිර කර්තෘ මොකවත් දන්නේ නැත. හේතුව පත්තරකාරයෙකුට තිබිය යුතු මොකක්දෝ එක නැතිකම මිස වෙන දෝසයක් නොවේ. එය දෙමාපියන්ගේ වරදක් හෝ මාධ්‍ය භාවිකය පිලිබඳ යමක් නොවේ. එහෙම කියන්නේ රිවිර කර්තෘ මාධ්‍ය හැදෑරුවේ එඞ්මන්ඞ් රණසිංහ නම් ඇවිදින ජන මාධ්‍ය සරසවියෙනි. එහෙත් උපන්ගෙහි කරුමය කියන්නේ ඒකටය. ආණ්ඩුවේ පින් දැන්වීම් පිහිටෙන් පත්තර අච්චු ගැසිම පත්තර කර්තෘ කෙනෙකුගේ හපන්කම නොවේ. අලෙවි කළ හැකි මාධ්‍ය භාවිතයක් පවත්වාගෙන යාම කතුවරයෙකුගේ වගකීම නොව අනන්‍යතාව වේ.

වර්තමාන රිවිර කර්තෘ උපන්නේ උපාලි තෙන්නකෝන්ට සිදු කළ තුවාල සැරව හරහා ය. ඒ කියන්නේ උපන්නේ උපාලි තෙන්නකෝන්ට මරණ බය ඇති නොකරන්නට මේ වර්තමානය රිවිර පත‍්‍රයට උදා වෙන්නේ නැත කියාය. රිවිර කර්තෘ මේ ගැහෙන්නේ රාජපක්‍ෂලාට කෙලවෙමින් පවත්නා නිසා නොවේ. ඔහු හැමදාම කළේ රාජපක්‍ෂ වරුන්ට දීන විදියට කඬේ යාමය. බැසිල් රාජපක්‍ෂ ඇගිල්ල දික් කළ විට රිවිර කර්තෘ දෙකට නැමී ඇදවී යයි.

මේ දවස්වල බැසිල්ලාගේ සිහින බොඳ වෙමින් පවතී. අළුත්ම තත්වය අනුව ආණ්ඩුවේ එකෙකුට වාද පිටියකට හොස්ස පොවන්න බැරිය. යන හැම තැනකදීම හොම්බෙන් යන්න වදියි. ඒ ආලාපාලූ අවම කර ගන්ට රනිල් කරු කොටවා පලක් නැති බව මේ වාහෙලාට තේරුම් කර දෙන්ට කෙනෙක් නැත.

මෛති‍්‍රපාල සිරිසේනගේ පුත‍්‍රයා සහ රවි විද්‍යාලංකාර ආරවුල අවස්ථාවේ මෙමති‍්‍රපාල පොදු අපේක්‍ෂකයා නොවේ. එදා මෛතී‍්‍ර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහා ලේකම් ය. එදා රිවිර හැසිරුණ ආකාරය ගැන පාඨකයන්ට මතකය. එ දවස මෛතී‍්‍රපාල සිරිසේනට ආණ්ඩුවේ මාධ්‍ය සදාචාරය ගැන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරන්නට සිද්ධ විය. එහෙත් උපාලි තෙන්නකෝන්ගේ තුවාල සැරවල් වලින් උපන් රිවිර වර්තමාන කර්තෘ හේමාල් ගුණසේකර පොලිස් රාළහාමිට ගැසුව සිද්ධියේදී හැසිරුණේ නම්බුකාරයෙකු ලෙස නම් නොවේ. නාටුබලූ කුක්කෙකු වාගේය. හේතුව හේමාල් ගුණසේකර රාජපක්‍ෂ නෑයෙකු නිසාය. කොටකෙතන සිද්ධි උස්සාගෙන ගියේ ජොන් සෙනෙවිරත්නට කෙළවන්නටය. දැරණීයගල නුරීයේ අතකොටා ගස් අරින්න දැඟලූවේත් කොන්ත‍්‍රාත් එහෙකට මිස සමාර අසාධාරණය වෙනුවෙන් නොවේ. කොටතෙකන නූරියේ අපාරාධ වෙනුවෙන් පෙනි සිටි රිවිර පත‍්‍රය රතුපස්වලදි කුමක් කරන ලද්දේද? ඇස් පනා පිට වෙඩිතබා මිනිසුන් දරුවන් මැරී වැටෙද්දී අද රනිල් කරු කොටවන සිසිර පරණ තන්ත‍්‍ර කළේ කුමක්ද? රාජපක්‍ෂලාට කඬේ යාමය. ඒ කියන්නේ මේ මිනිස්සු මාධ්‍ය වේදින් හෝ වාදින් නොවේ. වාසිය හමුවේ ඇඹලයන් වෙනවා පමණකි. කොටගෙතන ගැහැණු මළ සිරුර කර ගතාබ ගත් රිවිර කර්තෘ වතුර ඉල්ලා සටන් කොට වෙඩි කෑ රතුපස්වල අසරණයන්ට අනේ අපොයි කිවේ නැත.

සාධාරණ සමාජයක් කරා ව්‍යාපාරය ආරම්භ කළ කාලයෙ මාදුළුවාවේ සෝභිත හාමුචුරුවන්ගේ ප‍්‍රකාශයක් රිවිර හඳුන්වන ලද්දේ තප්පු ලෑමක් ලෙසය. ආණ්ඩුව විවේචනය කරන එවුන්ට පිලිකා සෑදේවායි ප‍්‍රාර්ථනා කරන තරමට රිවිර කතුවරයා එක්කෝ ආඩම්බර විය. එක්කෝ දිනවිය. එක්කෝ තුච්ඡු විය. ජාතික පත්තර කාරයන් මෙහෙම හැසිරෙන්නේ නැත.

අප රිවිර යන මග දෙස බලා සිටිමු. එකක් කිව යුතුය. රිවිර කර්තෘ මින් පසු තමා එඩ්මන් රණසිංහගේ ගෝලයෙකු කියා ඒ විශිෂ්ඨ මාධ්‍ය වේදියාට අවමන් නොකළ යුතුය. එඞ්මන් රණසිංහ ළඟින් ගිය එකෙකු මෙහෙම වෙන්නේ නැත.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment