Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

චිමල් කිච පීචං වෙයි.. සමනලීට මඩ ගහපු ප්‍රවෘත්තිය ගලවයි.


විමල් වීරවංශ විසින් රජයේ මුදලින් පවත්වාගෙන යන ලංකා සී නිවුස් නම් වෙබ් අඩවිය පසුගියදා තරුණ කලාකරුවන් පිරිසක් සංවිධානය කළ ‍රැස්වීමක් සම්බන්ධයෙන් මුළුමනින්ම අසත්‍ය මෙන්ම ඊට සහභාගී වූ හා සාහභාගී නොවූ පුද්ගලයන්ද සම්බන්ධ කරගනිමින් ඔහුන්ගේ පෞද්ගලික ජීවිතවලටද හානි ගෙන එමින් පළ කළ වාර්තාවට එරෙහිව ඊයේ කලා කරුවන් පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වීය.

ඒ අවසන් වී සුළුවේලාවකින් අදාල මඩ පුවත වෙබ් අඩවියෙන් ගලවා දමන ලෙස විමල් වීරවංශ විසින් එම වෙබ් අඩවියේ සංස්කාරක වරයාට දැනුම් දි තිබේ. කෙසේ නමුත් මෙම මඩ පුවතට එරෙහිව නඩු පැවැරීමට එම කලාකරුවන් තීරණය කර ඇත.

එම ප්‍රවෘත්තියේ යට ගියාව ගැන ලියවුණු වාර්තාවකි මේ...,

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ න්‍යාචාර්යවරයා යැයි අපිද සැක කරන ඇමැති විමල් වීරවංශගේ ලන්කා සීනිව්ස් නැමති වෙබ් අඩවිය මේ දිනවල මූලග්ගායට බෙහෙත් සොයන්නාක් මෙන් කාටත් හොරෙන් වෙන කුමක්දෝ දෙයක් සොයමින් සිටින බව පෙනේ.

මේ අතර විමල් වීරවංශට සමනලී ෆොන්සේකාව හදිස්සියේම මුණ ගැසී ඇත. සමනලී ලස්සනය, හැඩකාරය, දු‍ටු මතින් තවවරක් බලන්න සිතේ,

ඒත් සමනලී මාලනී ෆොන්සේකා මෙන් නොව්වාය. මාලනී තුන්කල් දු‍ටු නායකයා සමඟ වළ ඉහ ගැනීමේ ප්‍රයත්නයක. සමනලී මඩ වළට එරෙහි ව පමණක් නොව මඩ වළ දෙසට යන වුන්ට එරෙහිවද සටනකය.

සමනලී, මාලනීට කිවේ ඇගේ දැත් අතහරින්න කියාය.

මඩ ගොහොරුවක සිටින විමල්ගේ ප්‍රශ්නය පැන නඟින්නේ මේ නිසාය.

ඇයි මෙච්චර ලස්සන කෙල්ලෝ අර නාකි පරාණත් එක්ක එක්ක පිස්සු විකාර කරන්නේ..? විමල්ට තේරෙන්නේ මෙපමණය..

කාර්යාලයට පැමිණ කොළයක් පෑනක් අරගෙන ඔහු මෙසේ ලියාගෙන ලියාගෙන යයි

"ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල දිනවීම සඳහා නෝර්වේ තානාපති කාර්යාලයේ රුපියල් ලක්ෂ 62ක වියදමින් ආරම්භකර ඇති පුරවැසි බලය එන්.ජී.ඕ ව්‍යාපෘතියේ සාකච්ඡාව ඊයේ පස්වරුවේ පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේ ආරම්භකර මොහොතකින් එය එකම ගාල ගෝට්ටියක් බවට පත්විය.
එහිදී ඩොලර් කාක්කියෙකු වන අනෝමා රාජකරුණා විසින් පරාක්‍රම නිරිඇල්ලට තෝ, බල්ලා වැනි වචන කියමින් කම්මුලට ගසන ලදී.

නෝර්වේ එන්.ජී.ඕ ව්‍යාපෘතියේ සෙසු හවුල් කරුවන් වූ ධර්මසිරි බණ්ඩාරනායක සහ චන්ද්‍රගුප්ත තේනුවර මැදිහත්වී අවුල විසඳීමට තැත්කලද අනෝමා කෑ ගසා කියාසිටියේ සමනලී ෆොන්සේකා සමඟ බැංකොක් පස්දින මධුසමය සවාරිය සඳහා නෝර්වේ ව්‍යාපෘතියේ මුදල් ලක්ෂ 7ක් පරාක්‍රම නිරිඇල්ල අනවසරයෙන් වැයකර ඇති බවය.

තමා පමණක් නොව ධර්මසිරි බණ්ඩාරනායකද නවක නිලියන් පස් දෙනෙකු පුහුණු කිරීම සඳහා නුවරඑළියේ අමායා ස්කයි හෝටලයට නෝර්වේ ව්‍යාපෘතියේ මුදල් ලක්ෂ 4ක් වැයකල බව එහිදී පරාක්‍රම කියා සිටියේය.

එමෙන්ම ලූෂන් බුලත්සිංහලට, ගාමිණී වියන්ගොඩ සහ ඩබ්ලිව් ජයසිරිට නෝර්වේ එන්.ජී.ඕ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරකවරුන් වශයෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් ව්‍යාපෘති මුදල් ලක්ෂ 6ක් වැයකල බවද පරාක්‍රම නිරිඇල්ල කියා සිටියේ අනෝමාගේ කුණුහරුප වැලක් මැදය.

– ශ්‍යාමල් වීරතුංග"

දැන් හරිය.. හෙටින් පස්සේ සමනලී, නාකි පරාණත් එක්කත් එක්ක රවුම් ගහන එකක නෑ.. මං දැන් පෙම්වතෙක්.. විමල්ට දැන් එහෙම සිතේ.


The Independent

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP