Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද රාජපක්ෂ පැන යද්දී දමා ගිය රුපියල් කෝටි 1500 ක මුදලක් අරලියගහ මැදුරෙන් හසුවේ.


මහින්ද රාජපක්ෂ 9 දා පාන්දර ජනාධිපතිවරණ පරාජය වළකා ගැනීමට සැලසුම් කළ හමුදා කුමන්ත්‍රණයද අසාර්ථක වීම මත ලහි ලහියේ පලා යද්දී අරලිය ගහ මන්දිරයේ දමා ගිය රුපියල් කෝටි 1500 ක මුදලක් අහම්බයෙන් මෙන් හමුවී ඇතැයි වාර්තා වේ.

මෙම මුදල අරලිය ගහ මැදුරේ රහසිගත කාමරයක තිබී ඇති අතර ඒවා ලංකාවේ වලංගු මුදලින් මෙන්ම විදේශ මුදලින්ද තිබි ඇත. මේ පිළිබඳව ප්‍රකාශයක් කළ අරලියගහ මන්දිර ප්‍රකාශකයෙක් කීවේ “හදිසියේ දමා ගිය මුදල මේ තරම් විශාල නම් කොපමණ මුදලක් ගෙනියන්නට ඇතිද?“ කියා ය. මෙම මුදල් ගැන රාජ්‍ය භාණ්ඩාගාරය දැනුවක් කර ඇතැයි දැනගන්නට තිබේ.

මේ අතර මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන අන්දමට රාජපක්ෂලා විසින් රාජ්‍ය ආරක්ෂක අරමුදලින් හිතු මතයේ රැගෙන වියදම් කර ඇති ප්‍රමාණය රුපියල් කෝටි 13,500 ක් බවයි. ආරක්ෂක අරමුදලේ තැප්‍රොබේන් ශාඛාවේ ගිණුමේ තිබිය යුතු රුපියල් කෝටි 20,000 ක මුදලින් දැන් ඇත්තේ රුපියල් කෝටි 7,500 ක් පමණි. ඉතිරි රුපියල් කෝටි 13,500 ක මුදල ආරක්ෂක ඇමැති සහ මුදල් ඇමැති වූ මහින්ද රාජපක්ෂ විසින් කිසිදු ලිය කියවිල්ලක් නොමැතිව හිතුමතයේ රැගෙන වියදම් කරගෙන තිබේ. මෙම මූල්‍ය වංචාවට පමණක් වුවද මහින්ද රාජපක්ෂ හිරේ යෑම වැළැක්වීමට කිසිදු ජගතෙකුට නොහැකි යයිද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment