චම්පිකගේ බටයා, ධනුෂ්ක ලක්ෂ 80ක් හොරා කාලා.


විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගිය කාලයේ යහපාලනය ගැන නිතර පාරම්බාන ලද අය අතර ඉදිරියෙන් සිටි ඇත්තෙකි.

ඔහු මෛත්‍රීපාලනය හා බද්ධ වූ වහාම සිදු කළේ හෙළ උරුමයේ සිටි ඔහුට පක්ෂ අය මාධ්‍ය ආයතන වලට පත් කිරීමය.

ඒ දේශපාලන වශයෙන් අනාතව සිටින හෙළ උරුමයට යන්තන් පණ ගැටගසා ගැනීමට මඟක් සෙවීමටය.ඒ අනුව කලක් චම්පිකගේ බටයා වෙමින් ඔහුගේ විවාහයටද බාධාවක් වූ ධනුෂ්ක රාමනායක නැමැති හාදයා චම්පික ITN එකේ අධ්‍යක්ෂ ධූරයකට පත් කළේය.

ධනුෂ්ක පට්ටම පට්ට හොරෙකි.

ඔහු රුපියල් ලක්ෂ 80ක් හොරා කෑ අයෙකි.

වරක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වූයේ පාඨලීය.

ඒ කාලයේ ඔහුගේ මාධ්‍ය ලේකම්වූයේ ධනුෂ්කයාය.

මේ ධනුෂ්කයා ඒ කාලයේදී විදුලිය ඉතිරි කිරීමේ වැඩසටහනක ප්‍රධානියා විය.

එය නමින් හෙට වෙනුවෙන් අදය.

එහි අරමුණ වූයේ විදුලිය අඩුවෙන් පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයන්ට හා පාසල් දරුවන් අතර තරඟ පවත්වා ලැප්ටොප් ලබාදීමය.

මේ තරගයට ලැප්ටොප් ලබාදීමට මුදල් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා ටෙලිකොම්ය.

එය රුපියල් ලක්ෂ 100කි.

මේ මුදල විගනකාධිපති ආයතනයේ ඇති විදුලි බල මණ්ඩල හෝ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ගිනුමකට බැර නොවූ අතර කපටි ධනුෂ්කයා මෙය දමාගනු ලැබුවේ ශ්‍රී ලංකා ට්‍රාන්ස් ෆෝමර් ලිමිටඩ් නැමැති  ආයතනයේ ගිනුමටය.

ශ්‍රී ලංකා ට්‍රාන්ස් ෆෝමර් ලිමිටඩ් විදුලි බල මණ්ඩලය යටතේ පවත්වාගෙන යනු ලැබූ සමාගම් පනත යටතේ ස්ථාපිත වූවකි.

ධනුෂ්ක මින් රුපියල් ලක්ෂ 80ක් වියදම් කර තිබූ අතර, 2012 දී චම්පික අමාත්‍යංශය අත්හැර යද්දී ඔහු චම්පික සමඟම යන්න ගියේය.

ඉන් පසුව  "හෙට වෙනුනේ අද" තරගයේ ජයග්‍රාහකයන්ට තෑගි දෙන්නට ප්‍රමාණවත් මුදල් නැති වූ නිසා  ශ්‍රී ලංකා ට්‍රාන්ස් ෆෝමර් ලිමිටඩ් ගිනුමේ ඉතිරිව තිබූ රුපියල් ලක්ෂ 20 යළි ටෙලිකොම් ආයතනයටම ලබා දෙන ලදී.

අවසානයේ සිදුවූයේ "හෙට වෙනුනේ අද" තරගය දිනූ තරගකරුවන් නිරන්තරයෙන් විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශයට සොයා ඒම හා දුරකථනයෙන් බැන වැදීම බව පැවසේ.

මෛත්‍රී යහ පාලනයේ කොටස් කරුවකු වන පාඨලීගේ මේ භට ධනුෂ්ක ගැන අප සතුව තව තොරතුරු තිබේ.

ඉරියේදී ඒවා ලියකියවිලි සහිතව අප හෙලි කරන්නෙමු.


(පැපරාසියා)


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment