Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

‘දවස් දෙකෙන් ඩී.ඒ. රාජපක්ෂ හැලුනෙ කොහොමද?' - නාමල්ගෙන් මන්ත්‍රීවරු අසයි!


පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ සමස්ථ ලංකා ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම ආරම්භ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසා ඇත්තේ ‘පක්ෂය වෙනුවෙන් දිවි පිදූ අප පක්ෂයේ පුරෝගාමී නායක එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සිහි කරනු වස් විනාඩියක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීමට නැගී සිටින' ලෙසයි.  එය පැමිණි සිටි හැමෝටම ප්‍රහේලිකාවක් වී ඇත්තේ පසුගිය අවුරුදු නවය හමාර පුරා බණ්ඩාරනායක මහතා වෙනුවට සෑම රැස්වීමක් ආරම්භයේදීම සිහිකරන ලද්දේ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා වීමයි. 

රැස්වීම අවසානයේ රාජපක්ෂ පරපුරේ නවකයා වන නාමල් රාජපක්ෂ වටකරගෙන ඇති මන්ත්‍රීවරුන් ‘මහලේකම්තුමා දවස් දෙකෙන් ඩී.ඒ. රාජපක්ෂව හැලුවේ කොහොමදැයි' විමසා ඇත. සිනහවෙන් ඊට පිලිතුරු දුන් නාමල් පවසා ඇත්තේ ‘සීයව අත්අරින්න තාත්තවත් මේ කට්ටියට අමතකයි. ඕකට තමයි කියන්නෙ අපේ අරක්කු අපටම ගහනව කියල' කියාය.

අප වෙත වාර්තා වන පරිදි කොළඹ ලිබර්ටි වටරවුමේ තිබුණු ලක්ෂමන් කදිරගාමර් පිලිරුව ඉවත් කොට එතැන අලුතෙන් ඉදිවෙමින් පවතින ඩී.ඒ. රාජපක්ෂ පිලිරුව තව දුරටත් හැදීම එම කොන්ත්‍රාත්කරු විසින් ප්‍රතික්ෂේප කොට ඇත.  එයට හේතු වශයෙන් කොන්ත්‍රාත්කරු දක්වා ඇත්තේ ‘ලක්ෂ්මන් කදිරගාමර් එක්ක බලද්දි ඩී.ඒ. රාජපක්ෂ මොනවද මේ රටට කරල තියෙන්නෙ?. අපි දන්න හැටියට නම් බාර් ගානෙ බිබී හිටපු එක විතරයි. හැබැයි  ඩී.ඒ. රාජපක්ෂ මහත්තය තමන්ගේ දරුවො වගේ හොරකම් කෙරුවෙ නම් නෑ' යන කරුණයි.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment