Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

හමුදා නීති නිලධාරිනීන්ට ලොක්කාගෙන් ලිංගික අතවර.


යුධ හමුදා නීති අධ්‍යක්ෂක වශයෙන් රාජකාරී කරන බ්‍රිගේඩියර් ආර්.පී. රාජපතිරණ විසින් තමන් යටතේ සිටින කාන්තා නීති නිලධාරිනීන්ට තනතුරු උසස්වීම් හා ස්ථාන මාරු ලබාදීමේදී ඔවුන්ට නොමනා ලිංගික අතවර කිරීම් පිළිබඳව තොරතුරු රැසක් ලැබී ඇත.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා මේ සියළු දේ වසන් කරමින් කටයුතු කිරීම නිසා බ්‍රිගේඩියර් රාජ පතිරණගේ එකී ක්‍රියාකලාපයට හමුදාපතිවරයාගේ නිශ්ක්‍රීයභාවය විශාල පිටුවහලක් වී තිබේ. මෙම බ්‍රිගේඩියර් රාජපතිරණ ලිංගික ඕනෑ එපාකම් ඉටුකරන අයට විශේෂ වරප්‍රසාද හිමිවී තිබේ. නමුත් බහුතරයක් කාන්තා නීති නිලධාරීන් ඔහුගෙන් බේරී සිටීමට විශාල ප්‍රයත්නයක් දරමින් සිටී.

මෙම ස්ත්‍රී දූෂකයාගේ අතවරයට ලක්ව සිටින අය අතර කපිතාන් එච්.සී.එස් ද සොයිසා සිරිවර්ධන මහත්මිය මූලික වේ. 2012 ජූලි මස 02 දා හමුදා සේවයට බැඳුණු ඇය නීතිසේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවය කර තිබේ. මේ වන විට ඇය රත්නපුර කුරුවිට ගැමුණු සේවා මධ්‍යස්ථානයේ සේවය කරන්නීය. 2014 ජූලි මස මුල් සතියේ දිනක මුලතිව් හමුදා කඳවුරේ නීති නිලධාරියාට ස්ථාන මාරුවක් ඉල්ලා ඇති බව බ්‍රිගේඩියර් රාජපතිරණ, සිරිවර්ධන මහත්මියට ඔහුගේ කාමරයට කැඳවා  දන්වා ඇති අතර ‘ඔයා දැන් සෑහෙන කාලයක් කොළඹ හිටපු නිසා මුලතිව් වලට දාන්ඩ වෙනව' යැයි පවසා ඇත. එවිට සිරිවර්ධන මහත්මිය ඇය මුහුණ දී තිබෙන පුද්ගලික දුෂ්කරතාවයන් බ්‍රිගේඩියර් රාජපතිරණට විස්තර කොට කඳුළු සලමින් ඇයට තව මාස 6 ක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. එවිට සිය අසුනින් නැගිට ඇය වෙත පැමිණ ඇති බ්‍රිගේඩියර්වරයා ‘ඒව නිකන් කරන්න බෑ. ඒක ගැන සලකල බලන්න අපිට චාන්ස් එකක් දෙන්න ඕනි' කියා සිරිවර්ධන මහත්මියව බලහත්කාරයෙන් සිපගෙන ඇත. එවිට ඇය ඔහුව තල්ලු කර දමා කාමරයෙන් ඉවතට පැන ගොස් ඇත. එයින් කෝපයට පත් බ්‍රිගේඩියර් රාජපතිරණ ඇයට බැණ වැදී වහාම කුරුවිට හමුදා කඳවුරට මාරු කර ඇත. පසුව එම හමුදා කඳවුරේ අණදෙන නිලධාරියාට කතා කොට ඇය දඩුවම් මාරුවකට ලක්ව සිටින බැවින් ඇයට උපරිම හිරිහැර කරන ලෙස දන්වා ඇත. (මෙම කතාවේ සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා අප කපිතාන් ද සොයිසා සිරිවර්ධන මහත්මියට කතා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇය බියට පත්වී දුරකතනය විසන්ධි කළාය.)

2014 .07.14 වන දින සවස 3 ට යුධ හමුදාපතිවරයා යුධ හමුදාවේ සියළුම නීති නිලධාරීන්ට ඇමතීම සඳහා හමුවක් සංවිධානය කර තිබූ අතර ඊට පෙර දවල් 12.00ට විශේෂ රැස්වීමක් කැඳවා බ්‍රිගේඩියර් ආර්.පී. රාජපතිරණ සියළුම නීති නිලධාරීන්ට තර්ජනය කර ඇත්තේ නීතිසේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු ගැන අනවශ්‍ය පැමිණිලි කිරීම් හමුදාපතිවරයාට කළහොත් ‘ජොබ් එකෙන් අස්වෙලා ගෙදර යන්න ලෑස්තිවෙන්නැයි' විවෘතවම පවසා තිබේ. ඉන්පසු කපිතාන් ද සොයිසා සිරිවර්ධන මහත්මිය දෙසට හැරී සියළු දෙනාට ඇසෙන ආකාරයට ඉතා පහත් අයුරින් ‘I am a master f''''''''r. Army commander also knows that. You can report to anybody. I am not scared' යැයි පවසා තිබේ.

ඉන්පසු මෙම ස්ත්‍රී ධූර්තක බ්‍රිගේඩියර්වරයාගේ ලිංගික අඩන්තේට්ටමට ලක්වී ඇත්තේ කපිතාන් එච්.ඩබ්. රුවිනි වෛජයන්තිකා මහත්මියයි. ඇය යුධ හමුදාවේ සේවයට බැඳී ඇත්තේ 2010 සැප්තැම්බර් මස 30 වන දිනය. රත්මලානේ පදිංචි විවාහක එක් දරු මවක් වන ඇය කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ නීති නිලධාරිනී ලෙස කටයුතු කරයි. ඇයව 2014 ජූලි 14 වනදා උදේ 11 ට තම කාර්යාල කාමරයට කැඳවා ඇති බ්‍රිගේඩියර් රාජපතිරණ ඇයට දන්වා ඇත්තේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයට ජේෂ්ඨ නිලධාරීන් ඉල්ලා ඇති බවයි. එමෙන්ම කිලිනොච්චි නීති නිලධාරියා ස්ථාන මාරුවක් ඉල්ලා තිබෙන බැවින් ඇයව කිලිනොච්චියට යැවීමට සිදුවන බව දන්වා ඇත. ‘ඔයාගෙ ගෙදරට ළඟ හින්දයි මම ඔයාව කොතලාවල ඇකඩමි එකේ තිබ්බෙ. තවත් තියන් ඉන්න බෑ. යවන්න වෙනව කිලිනොච්චියට' යනුවෙන් පවසත්ම කපිතාන් රුවිනි තම ළදරුවා ගැන කියමින් ඇඬීමට පටන් ගෙන ඇත. එවිට ඇය අසළට පැමිණ ඇති බ්‍රිගේඩියර් රාජපතිරණ ‘මෙච්චර ලස්සන ඇගක් තියාගෙන මං කොහොමද ඔයාව කිලිනොච්චියට යවන්නෙ?' කියමින් බලහත්කාරයෙන් සිපගෙන තිබේ. එයින් කලබලයට පත් කපිතාන්වරිය ඔහුව තල්ලුකර දමා බ්‍රිගේඩියර්වරයාගේ කාමරයෙන් පලාගොස් ඇත. පසුව ඇය වෙත පැමිණි ඔහු ඒ පිළිබඳව කාට හෝ පවසා තිබුන හොත් ගෙදර යාමට සූදානම් වන ලෙස දන්වා තිබේ.

හමුදා නීති අංශයේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ආර්.පී. රාජපතිරණ ස්ත්‍රී ධූර්තයාගේ ලිංගික අඩන්තේට්ටම් වලට ලක්වී සිටින නීති නිලධාරිනියන් එක්වී ඒ පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට, අල්ලස් හෝ දූෂණ කොමිසමට සහ පොලිස්, කාන්තා හා ළමා කාර්යංශයට මේ පිළිබඳව පැමිණිලි කොට ඇත.

පසුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මේ පිළිබඳව යුධ හමුදාපතිවරයාගෙන් විමසීමේදී ඔහු විසින් ඇග බේරා ගැනීම සඳහා මේජර් ජෙනරාල් ආර්.වී. උඩවත්ත මහතා මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කොට ඇත. මෙම මේජර් ජෙනරාල් ආර්.වී. උඩවත්ත සහ බ්‍රිගේඩියර් ආර්.පී. රාජපතිරණ ඉන්ජිනේරු සේවා බලකායේ එකට සේවය කළ දෙදෙනෙකි. එමෙන්ම මෙම ආර්.වී. උඩවත්ත නැමැත්තා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව හමුදා අධිකරණයේ බොරු සාක්ෂි දුන් අපකීර්තිමත් නිලධාරියෙකි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර අවශ්‍ය නම් බ්‍රිගේඩියර් ඩබ්.පී.යූ. වීරසිංහ , ලුතිනන් කර්නල් එන්.එච්. විජේදාස, සහ මේජර් නල්ලපෙරුම යන හමුදා නිලධාරීන් ඇමතීමෙන් ලබාගත හැකිවේ.


LNW


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP