‘මලයා පැරදුනේ රටේ වාසනාවකට' - චමල්.


‘මේ රටේ තාමත් දෙය්යො බුදුන් කියල කොටසක් ඉන්නව කියල මට තේරුනේ මගේ මලයා පැරදිච්ච දවසෙ. මගේ මලයා නෙමෙයි කවුරු කරත් වරද වරදමයි. ජනාධිපතිතුමා මේ ගමන දින්නනම් අපේ රටට මොනව වෙයිද කියල මට හිතාගන්නවත් බෑ. නමුත් තාම මේ රටට දෙවියන්ගෙ බුදුන්ගෙ ඇල්ම බැල්ම තියෙනවා. ඒ නිසා තමයි අපේ මලය පැරදුනේ' යනුවෙන් 14වැනිදා ශ්‍රී ජයවර්ධනපුර කථානායක නිල නිවසට රැස්වූ ශ්‍රීලනිප ජේෂ්ඨයින් අමතා කථානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

‘ඔහෙල කාටවත් කොන්දක් තිබුන්නෑ ජනාධිපතිතුමා වරදක් කරන කොට ඒක පෙන්නල දෙන්න. ඔහෙල හැමෝම කලේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉදපු එක විතරයි. අපි කව්රුවත් හිතුවෙ නෑ මෛත්‍රීට මේවගේ කොන්දක් තියෙන මනුස්සයෙක් කියල. බැරිවෙලා පැරදුනානම් මෛත්‍රී මෙලහට ෆොන්සේකා වගේ ඇතුලෙ. මෛත්‍රී විතරක් නෙමෙයි චන්ද්‍රිකා මැඩම්ටත් දෙන්න තමයි මේ ගොල්ලො ප්ලෑන් කරන් හිටියෙ. නමුත් අපේ රට වාසනාවන්තයි' යනුවෙන් කථානායකවරයා මේ බැව් සඳහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන තෙක් ශ්‍රීලනිප ජේෂ්ඨයින් සමග තේ පානය කරමිනි. ඒ වන විටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කථානායක නිල නිවසේ වෙන කාමරයක සිට ඇත. කථානායකවරයාගේ මෙම ප්‍රකාශයට විරුද්ධව කිසිවෙක් අදහස් දක්වා නැති අතර ජේෂ්ඨයින් සියළුම දෙනා නිහඬවම කථානයකවරයාගේ ඉහත ප්‍රකාශය අනුමත කර ඇත.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment