හමීඩ්ගේ හොර අඹුව ශෙනුකා මංගලගේ කනෙන් රිංගයි!


හිටපු විදෙස් අමාත්‍යවරයෙකු වූ A.C.S. හමීඩ් මහතාගේ හොර අඹුව වෙමින් විදෙස් අමාත්‍යංශයට රිංගාගත් ශෙනුකා සෙනවිරත්න මහත්මිය මේවන විට පළපුරුදු විදෙස් අමාත්‍ය මංගලගේද කනෙන් රිංගීමට තරම් දක්ෂවී ඇතැයි අපට වාර්තා වේ.

විදෙස් සේවයේ දේශපාලන පත්වීම් ලද පුද්ගලයන්ට ලබන 28 වැනිදා වන විට ලංකාවට පැමිණෙන ලෙස මේවන විට විදේශකටයුතු අමාත්‍යංශය දන්වා තිබේ.

නැවත ගෙන්වීමට යන අය අතර රාජපක්ෂ රජයේ සුපර් මාකට් බවට පත්ව සිටි ජර්මන් තානාපති තිලක් අමුණගම, ෆ්‍රැන්ක්ෆර්ත් හි සිටින ජර්මන් කවුනිසිලර් ප්‍රදීප් ජයවර්ධන හා නෙදර්ලන්තයේ සිටින බුද්ධි අතාවුද නැවත ගෙන්වීමට කටයුතු යොදා නැත.


  • රාජපක්ෂ රාජ්‍ය රහස් -

මේ පිරිස් නැවත නොගෙන්වන්නේ මන්ද යන්න ගැටලුවක් වන අතරම ඔවුන්ගේ තතු හෙළි කිරීම අප සතු වගකිමක් යැයි සිතේ.


  • මේ පැවති රාජපක්ෂ රජයේ හොඳම ගොට්ටන්ය.
  • ප්‍රදීප් ජයවර්ධන -


  1. ප්‍රදීප්, ජේ.ආර්. ජයවර්ධනගේ මුණපුරෙකි.
  2. මැද මුලන මහින්දට චීනය සමඟ සියලු සමීප සම්බන්ධතා ගොඩනගා දුන්නේ ප්‍රදීප්ය.
  3. එසේම චීනයේද, ජර්මනියේද අගමැති රනිල්ට බල ගැනීමට නොහැකි බවට ජාත්‍යන්තර මතයක් තැනූ එක් අයෙකි.
  4. කරප්ටඩ් ජර්නලිසම් පොත ගැසීමට සියල්ල සැලසුම් කළේ මොහුය.
  5. එය පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයන්ගේ හමුවේදී නායකයන්ගේ මේසය මත තබන්නට සැලැසුම් කළේ මොහුය.
  6. ගෝඨාස් වෝ මොහුගේ සංකල්පයකි.
  7. මේ පොත් ගැසීමට මුදල් සොයා දුන්නේද ප්‍රදීප්ය.
  8. ඒ මුදල් ලැබුනේ ගාමිණී වික්‍රමසිංහගෙනි.



  • කරුණාතිලක් අමුණුගම -


  1. තිලක් විදෙස් සේවයට එන්නේ ශෙනුකාගේ පිහිටෙනි.
  2. මොවුන් දෙදෙනා බැචාලාය.
  3. පසු කාලීනව මොවුන් දෙනො අතර විශාල විරසකක් මතුවූ බව ඇත්තය.
  4. එහෙත් එය මේවන විට සමතයකට පත්ව තිබේ.
  5. තිලක්, රඳවාගන්නට මංගලට කොලේ වැහුවේ වත්මන් සභාපති වාගීෂ්වරය.
  6. වාගීෂ්වර හා ශෙනුකා ජන්මාන්තරය.
  7. ඒත් වාගිෂ්වරගේ හොඳම යාලුවා තිලක් අමුනුගමය.
  8. අමුණුගම ජපානයේ තානාපති කළේ ශෙනුකාය.
  9. ඔහු ජපානයේ සිටියදී රජ ගැහිල්ලක් ගැහුවේය.
  10. ඒ නුවර රජපීල්ල මාවතේ කාමර 18ක නිවසක් තැනීමය.
  11. මහින්ද මෙවර ඡන්දයට මොවුන් කැඳවූ වෙලේ ඔහු නැවතී සිටියේද මේ හෝටලයේය.
  12. මහින්දගේ ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධව සිටි අමුනුගම ඒ අතරේ UNP යේ රාජු පුෂ්පකුමාර සමඟද කූත්තුවකට සෙට් වීසිටි බව අපට වාර්තා වේ.
  13. ඒ ඔහුගේ රස්සාව බේරා ගැනීමටය.
  14. ඔහුට තට්ටුමාරුව හොඳට හුරු ඇත්තෙකි.



  • බුද්ධි අතාවුද -


  1. බුද්ධි අතාවුද ගැන කීමට ඇත්තේ ඔහු ඇමති අතාවුද සෙනවිරත්නගේ පුතා බව පමණි.
  2. ඊට වඩා යමක් අවශ්‍ය නොවෙන බව නිසැකය.




Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment