Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'ඔබලාට අවශ්‍ය අයුරින් නඩු තීන්දු දෙන්නම් අනේ මට ඉන්න දෙන්න' - අගවිනිසුරු මොහාන්පීරිස් රනිල්-මෛත්‍රී අබියස දනින් වැටේ.

නව ජනපති මෛත්‍රී සහ නව අගමැති රනිල් හමුවූ අගවිනිසුරු මොහාන්පීරිස් මෛත්‍රීට සහ රනිල්ට අවශ්‍ය අයුරින් නඩු තීන්දු දෙන්නම් යැයි පවසා එනිසා තමන්ට දින සියයේ වැඩ සටහන අවසන් වන තුරු අගවිනිසුරු පුටුවේ වැජඹෙන්න ඉඩ දෙන්න යැයි අයැද තිබේ. 

මෙම හමුවීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රි යේ 9.00 ට පමණය. මෛත්‍රී සහ රනිල් දෙදෙනා පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය අයුරින් නඩු තීන්දු දෙන අගවිනිසුරුවරයෙක් අනවශ්‍ය බවත් අවශ්‍ය වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන අගවිනිසුරුවරයෙක් බවත් ය. අගවිනිසුරු මොහාන්පීරිස්ගේ පත්වීම සහ ක්‍රියාකලාපය ගැන කිසිවෙකු තුල සතුටක් නොමැති බැවින් ඉල්ලා අස්වෙන ලෙසත් එසේ නොවුනහොත් නීතිඥ ප්‍රජාව සහ මහජනයා අගවිනිසුරු මොහාන්පීරිස්ට විරුද්ධව පාරට බැසීම තමන්ට වැළැක්විය නොහැකි බවත් මෛත්‍රී-රනිල් දෙදෙනා අවධාරණය කර තිබේ.

මෙම හමුවට තිලක් මාරපන මහතාද පැමිණ සිටි අතර ඔහුද අගවිනිසුරු මොහාන්පීරිස්ට උපදෙස් දී ඇත්තේ නම්බු පිටින් ඉල්ලා අස්වන ලෙසයි. සාකච්ඡා වලින් පසු රාත්‍රී 10.15 ට පමණ අගවිනිසුරු මොහාන්පීරිස් පිටවී ගියද මෙතෙක් ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දී නැතැයි වාර්තා වේ.

පසුගිය 10 දා මැදමූලනට ගොස් මහින්ද රාජපක්ෂ හමුවී ඔහුට චිට් එකෙන්  පාර්ලිමේන්තුවට රිංගා අගමැති වී ඉන්පසු මෛත්‍රී ඝාතනය කරවා මහින්දට යලි ජනාධිපති විය හැකි යයි උපදෙස් දුන්නේ ද මේ අගවිනිසුරු මොහාන්පීරිස් මය.

Share on Google Plus

Right to Reply