Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඉල්ලා අස්වීමට අවසර දෙන්නැයි මොහාන් හිටපු ජනාධිපතිගෙන් ඉල්ලයි!


තමාට එල්ල වී ඇති පීඩනය හමුවේ තවදුරටත් පදවියේ රැදී සිටීම ඉතා අමාරු එකක් බැවින් අගවිනිසුරු ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා අවසර දෙන්නැයි නීත්‍යානුකූල නොවන අගවිනිසුරු මොහාන් පීරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

ඊට පිලිතුරු දී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ අවම වශයෙන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවේ කටඋත්තරය ලබාදෙන තෙක් වත් අගවිනිසුරු පදවියේ රැදී සිටීමෙන් ඔහු වෙත එන පීඩනය අවම කර ගත හැකි බැවින් කටඋත්තරය ලබා දීමෙන් පසු ඉල්ලා අස්වන ලෙසයි. කෙසේ වුවද මොහාන් පීරිස් මහතාගේ හිතවතුන් පවසන්නේ ලබන සතිය තුල ඔහු නියත වශයෙන්ම ඉල්ලා අස්වන බවයි.

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සීඅයිඩීයට කරන ලද හමුදා කුමන්ත්‍රණ පැමිණිල්ල සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නීතිපතිවරයා පසුගිය සිකුරාදා රහස් පොලීසියට අවසර ලබා දී තිබේ.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment