Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා දුරකථන ටැප් කරමින් රාජපක්ෂලාට තොරතුරු දෙයි.


රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ පරදා නව ජනාධිපතිවරයා පත්වුවද රාජපක්ෂලා සමග එක්වී කුමන්ත්‍රණ සිදුකළ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා වන චන්ද්‍ර නිමල් වාකිෂ්ට වහාම ඉවත් නොකර එම ධූරයේ තවමත් තබා ගැනීම විශාල අනතුරක් බව යහපාලනය වෙනුවෙන් කැපවූ පොලිසියේ ඉහළ නිලධාරීහු පවසති.

ඔහු මේ වන විටත් දුරකථන ටැප් කරමින් තොරතුරු රාජපක්ෂලා අතට ගලා යෑමට සලස්වා ඇතැයි එම නිලධාරීහු පවසති. ඒ බව මෛත්‍රී ක්‍රියාකාරීන්ද අප වෙත පැමිණිලි කළහ. ඔවුන්ගේ දුරකථන කතා වලදී ටැප් කිරීම ඔවුනටම දැනෙන බව පවසති.

මෛත්‍රී ජනාධිපති වරයා වූයේ දහසකුත් එකක් කුමන්ත්‍රණ මධ්‍යයේ බව අමතක නොකළ යුතු අතර ඡන්ද ප්‍රතිඵල නතර කරවා හමුදාව අතට බලය ගැනීමටද කුමන්ත්‍රණය කළ බව දැන් නොරහසකි. ඒ තරම් තත්ත්වයක් ඇති වීමෙන් පසුවද ආරක්ෂක අංශ මර්මස්ථාන වල සිටින රාජපක්ෂවාදීන් තවමත් ඒ තනතුරු වල සිටීම දරුණු අනතුරකි.

බුද්ධි අංශ ප්‍රධානියා වාකිෂ්ට පසුගිය 10 වැනිදා උදේ කාලයේදි අලුත්ගම ප්‍රදේශයේ බෞද්ධ භික‍්ෂුවකගේ වාහනයකින් එම භික්ෂුවත් සමග මැදමුලනට ගොස් මහින්ද රාජපක්ෂ හමුවූ බවද වාර්තා වී ඇත.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment