Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

උඩුවේ ධම්මාලෝකට කළගුණ සලකමුද?


වත්මන් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ‘කළගුණ සලකමු' යනුවෙන් බණ මාලාවක් රටපුරා සංවිධානය කොට තිබේ. මෙම බණ මාලාව පවත්වා ඇත්තේ සුමදුර ධර්මදේශනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුළන උඩුවේ ධම්මාලෝක හිමියන්ය.

මෙම බණ මාලාව විශේෂයෙන් අම්පාර, උහන, මහඔය, දිඹුලාගල, මංගලගම, වැලිකන්ද, අරලගංවිල හා පොලොන්නරුව ප්‍රදේශවල පවත්වා ඇත. ශ්‍රී ලංකා යුධ හමුදාවේ මනෝ විද්‍යාත්මක අධ්‍යක්ෂක මණ්ඩලය මගින් මෙහෙයවූ මෙම එක් බණක් සඳහා හමුදාව විසින් රුපියල් එක් ලක්ෂ හැත්තෑ දහසක මුදලක් වියදම් කොට ඇත. එම මුදල වියදම් වී ඇත්තේ උඩුවේ ධම්මාලෝක හිමියන්ට සහ තවත් හිමි නමකට සුපිරි හෝටලක නවාතැන් ලබාදීම, ස්ටීරියෝ සෙටප් යන්ත්‍රය, ප්‍රවාහන ගාස්තු සහ පිරිකර සඳහාය.

මෙම ‘කළගුණ සලකමු' බණ ඇසීම සඳහා පිරිස් කැඳවාගෙන ඒමේ වගකීම භාර දී තිබුනේ අදාළ ප්‍රදේශයන්හි සේනාංකාධිපතිවරුන්ටය. එසේ ‘කළගුණ බණ' ඇසීම සඳහා ප්‍රමානවත් පිරිසක් රැගෙන ඒමට පුත්තලම සේනාංකාධිපති කර්නල් චන්න පනන්වල මහතා අපොහොසත් වී ඇත. මේ පිළිබඳව කෝපයට පත්වී ඇති උඩුවේ ධම්මාලෝක හිමියන් බණ අහවර වූ සැණින් ඒ පිළිබඳව යුධ හමුදාපති දයා රත්නායක මහතාට පැමිණිලි කොට තිබේ. දයා රත්නායක මහතා එසැණින් යුධ හමුදා මූලස්ථානයට අණ කොට ඇත්තේ කර්නල් චන්න පනන්වල මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

ජනාධිපතිවරණ ඡන්දය මහින්ද රාජපක්ෂ මහතා පරාජය වී ඇතද කර්නල් චන්න පනන්වල මහතාට එරෙහිව පවත්වාගෙන යනු ලබන විනය පරීක්ෂණය තවමත් කෙරීගෙන යනු ලබයි. එම විනය පරීක්ෂණයේ ප්‍රධාන සාක්ෂිකරුවා වන්නේ සුමදුර බණ දෙසන උඩුවේ ධම්මාලෝක හිමියන්ය.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment