Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

යුධ හමුදාව මිලියන 250 ක් නැතිකර ගනී.

ඓතිහාසික අටමස්ථානයට අමතරව නවස්ථානය ලෙස මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ ඉදිකරන ලද ‘රණවිරු සෑයේ' නිදන් කිරීම සඳහා ත්‍රිපිටකය රන්පත්ඉරුවල ලිවීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා යුධ හමුදාව හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත සිදුකර ඇත. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රත්තරන් කිලෝග්‍රෑම් 4000ක් මිලදී ගැනීම වෙනුවෙන් යුධ හමුදාව රුපියල් මිලියන 250ක් වැය කොට ඇත. 

මෙම ව්‍යාපෘතිය යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ යුධ හමුදාවේ වැටුප් හා ලේඛණ කාර්යාලයේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් පෙරේරා විසින් සිදුකර තිබේ.

යුධ හමුදාව විසින් මුලදී සැලසුම් කර ඇත්තේ මෙම එක් රන්පත්ඉරුවක් සඳහා රුපියල් 7500 බැගින් අනුග්‍රාහකත්වයක් ලබා ගැනීමයි. එය ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම සාමාන්‍ය ජනතාවගෙන්ද යුධ හමුදාවේ සෙබළුන්ගෙන්ද මෙම පුණ්‍ය කර්මය සඳහා දායකත්වය ලබා ගැනීමට යුධ හමුදාව මුලදී අදහස් කොට ඇත. නමුත් එය මේ වන විට සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වී ඇත්තේ මෙම රන්පත්ඉරු සඳහා දායකත්වය සැපයීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙනි.  ඒ අනුව ත්‍රිපිටකය රන්පත්ඉරුවල සටහන් කළ සම්පූර්ණ ව්‍යාපෘතියේ බරපැන යුධ හමුදාවට දැරීමට සිදුවී ඇති බව යුධ හමුදා ආරංචි මාර්ග සඳහන් කර සිටී.

Share on Google Plus

Right to Reply