Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අර්ජුන - අනුරට තර්ජනය කරයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් සිය සහෝදරයා වන ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට තර්ජනය කර ඇතැයි වාර්තා වේ. 

අර්ජුන දුරකථන ඇමතුමක් ලබාදෙමින් අනුරට පවසා ඇත්තේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට තම සහෝදරයාට එරෙහිව සාක්ෂි ඇත්දැයි යන්නය, එසේම බොරුවැඩ නොකරන ලෙසද ඔහුට දන්වා ඇති බවත් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ඔහු මීළඟ ක්‍රිකට් නිලවරණයේදී සභාපති තනතුරට තරග කරන බවද මේවන විට ප්‍රසිද්ධියේ ප්‍රකාශකර ඇත.

නිශාන්ත, දැනට ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාව සිටින අතර ඔහු මීළඟ නිලවරණයේදී සිය වැඩිමහල් සහෝදරයා සභාපති තනතුරට තරග වදින්නේ නම් ලේක්ම් ධූරයට තරඟ කිරීමට සැරසෙන බවද පැවසේ.

එසේම ඔවුන් දෙදෙනාගේ බාල සොයුරා වන ධම්මික රණතුංග ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කර ගැනීමට ද සැලැසුමක් ඇති බව වාර්තා වේ.

Share on Google Plus

Right to Reply