Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ගෝඨා එලවපු ප්‍රිශාන්ත හෙට ලංකාවට!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මරණ තර්ජන කරමින් ලංකාවෙන් එළවා දැමූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට 24 නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය 2014 වසරේ ජනවාරි මස ඕස්ට්‍රේලියාවේදී දේශපාලන සරණාගත රැකවරණ පැතූ ප්‍රිශාන්ත ජයකොඩි මහතා මේ දක්වා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත් වූ අතර නව රජය බලයට පත්වීමෙන් පසු තමාගේ ජීවිතාරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් පැන නොනගින හෙයින් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා නැවතත් අනිද්දා ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව තමාට ශ්‍රී ලංකාව හැර දමා යාමට සිදුවූ හේතු පිළිබඳව කොළඹ ගලධාරී හෝටලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වන ප්‍රිශාන්ත ජයකොඩි මහතා පුරුදු පරිදි නැවතත් ශ්‍රී ලංකා පොලීසියේ නැවතත් සුපුරුදු රාජකාරිය අරඹනු ඇත. දැනට මන්දගාමීව සිදු කෙරෙමින් පවතින විශේෂ පරීක්ෂණ කිහිපයක් ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාට භාර දීමට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Share on Google Plus

Right to Reply