Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ගෝඨා මිනීමරු නාවික හමුදා කපිතාන්ව ඇමරිකාවට යවලා.


2005 -  2010 කාලය තුල කොළඹ හා ඒ අවට සිදුවූ නීති විරෝධී පැහැරගැනීම් හා පුද්ගලයන් අතුරුදන් කිරීමේ සිද්ධීන් සමුදායක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලීසිය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවා තිබියදී හිටපු නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක හා නාවික හමුදා මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂක කපිතාන් පී.කේ. දසනායක ඇමරිකාවේ නාවික හමුදා පාඨමාලාවක් හැදෑරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත යවා ඇතැයි අනාවරණය කර ගෙන තිබේ.

2005 - 2010 අතර කාලය තුල කොළඹ සිදුවූ මිනිස් ඝාතන පුද්ගලයන් පැහැර ගැනීම් හා අතුරුදන් කිරීමේ සිද්ධි  සමුදායක් සම්බන්ධව රහස් පොලිසිය අරඹා තිබූ පරීක්ෂණ අනුව කපිතාන් පී.කේ. දසනායකට විදේශ ගමන් තහනමක් පනවා තිබී ඇත. මෙම අපරාධ සම්බන්ධව හිටපු නාවික හමුදාපති සහ ජපානයේ වත්මන් ශ්‍රී ලංකා තානාපති වසන්ත කරණ්නාගොඩ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නාවික හමුදා නිලධාරීව සිටි ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ අදාල සිද්ධි සමුදායක කපිතාන් පී.කේ. දසනායකගේද ඒ හරහා හිටපු නාවික හමුදාපති වසන්ත කරණ්නාගොඩගේද ඍජු සම්බන්ධතාවයක් තිබූ බවට කරුණු අනාවරණය වී තිබිණ.

එහෙත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ බලතල අයුතු ලෙස යොදවමින් ඇමරිකානු නාවික හමුදා පාඨමාලාවක් සඳහා ඇමරිකානු රජය වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර කපිතාන් පී.කේ. දසානායක නිර්දේශ කර තිබූ අතර එතැකින් නොනැවතී එවක ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත බලපෑම් කොට මෙම කපිතාන්වරයා විදේශ ගත කර තිබේ.

අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් ඉදිරිපත් කිරීම සම්බන්ධව ලබන 06 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස නාවික හමුදාවේ නීති අධ්‍යක්ෂක වරයා වෙත කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කර තිබේ.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP