Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ජිනීවාවල කලිසම නැතිකර ගත් රාජ්පාල් වික්‍රමබාහුට ලව් ලෙටර් ලියයි!


ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ‘රෙඩ් ලයිට් දිස්ත්‍රික්' හි ගණිකා මඩමකදී මුදල් පසුම්බිය, ගුවන් ගමන් බලපත්‍රය සමග ඇඳ සිටි කලිසම නැතිකරගෙන රාජපක්ෂ රෙජීමයට හෙළුවෙන් කඩේ ගිය 'ඩේලි නිවුස්' පුවත්පතේ කතෘ රාජ්පාල් අබේනායක  තම පදවිය රැක ගැනීම සඳහා අලුත් සෙල්ලමක් පටන් ගෙන ඇති බව ‘ලේක් හවුස්' ආරංචි මාර්ග සඳහන් කරයි.

එම අලුත් සෙල්ලම නම් මෙතෙක් කල් ඔහු විසින් කොටියා, ඌරා, දේශද්‍රෝහියා, පාහරයා වැනි විවිධ නම්වලින් හඳුන්වන ලද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැනි විපක්ෂ ක්‍රියාකාරීන්ට 'ඩේලි නිවුස්' පුවත්පතට කොලමක් ලියන ලෙස ආරාධනා කිරීමයි. දැන් ඔහුට කොටියන්, ඌරන් හා දේශද්‍රෝහීන් මතක් වී ඇත්තේ තමන්ගේ කතෘකමට කෙලවේය යන බියෙනි. මෙසේ දේශද්‍රෝහීන්ට කොලම් ලිවීමට ආරාධනා කිරීම තුලින් ඔහු පෙන්වීමට උත්සාහ ගන්නේ 'ඩේලි නිවුස්' පුවත්පත ප්‍රජාතන්ත්‍රවාදී වී ඇති බවකි.

වරෙක ඔහු ජිනීවා හිදී කැලම් මැක්රේ, ජොනතන් මිලර් ඇතුළු චැනල් 4 රූපවාහිනී කණ්ඩායම සමග වාදයක පැටලී ඔවුන්ට උත්තර දීගත නොහැකිව පහර දෙන්නට යන ආකාරය එකල ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල පලවිය. චැනල් 4 රූපවාහිනී කණ්ඩායම ශිෂ්ඨ සම්පන්න මිනිසුන් නිසා රාජ්පාල්ට ප්‍රතිචාර නොදැක්වුවද රාජ්පාල්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූයේ ‘සමරරත්න  ඇසෝෂියේට්' නීතිඥ සමාගමේ හිමිකරු අශෝක සමරත්න මහතාය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කුණු හරුපෙන් පරිභව කිරීමේදී කිපී ඇති අශෝක සමරරත්න රාජ්පාල්ට ප්‍රතිචාර දැක්වීමෙන් ඔහුට රෝහල් ගතවීමට සිදුවිය.

රාජ්පාල් අබේනායකට ලේක්හවුසියට එන්නට පාර කැපුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ වත්මන් ලේකම් කරු පරණවිතාන මහතාය. ඒ ඔහු ලේක් හවුස් කතෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයාව සිටි අවදියේදීය. රාජ්පාල්ද මොහාන් පීරිස්ගේ ජාතියේ අයෙකි. ලැජ්ජාවක් කියා දෙයක්  ගෑවිලාවත් නැත. ඔහු ජනමාධ්‍ය ඇමතිවරයාට පණිවිඩ යවා ඇත්තේ රජයට අවශ්‍ය ඕනෑ දෙයක් ලිවීමට තමන් සූදානම් බවය.  මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කීවේ ඒ කතාවමය. රාජ්පාල් කතෘ ධූරයෙන් ඉවත් නොවන්නේ නම් කළයුතු හොඳම කටයුත්ත වන්නේ නීතිඥ අශෝක සමරරත්න ඔහුගේ උප කතෘවරයා වශයෙන් පත්කිරීම බව ශ්‍රී ලංකාවේ නීතිඥ ප්‍රජාවේ අදහසයි.

මෙම රාජ්පාල් අබේනායක නැමැත්තා තම ට්විටර් හා ෆේස්බුක් පිටු අභාවිතයේ යොදවන්නෙකි. ජනාධිපතිවරණ සමයේ රිෂාඩ් බදුර්දීන් පොදු අපේකෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට පැමිණි අවස්ථාවේදී රාජ්පාල් රිෂාඩ් බදුර්දීන්ව හැඳින්වූයේ ‘බ්ලඩි පිග්' යනුවෙනි. එය මුස්ලිම් ජාතිකයෙකුට කළ හැකි උපරිම නින්දාවයි. දිවංගත සුනිලා අබේසේකර සහෝදරියගේ පුතණුවන් වන සංජය සේනානායක අකාලයේ වියෝවූ දා රාජ්පාල් අබේනායක තම ට්විටර් ගිණුමේ සඳහන් කලේ ‘බල්ලෙක් මියගියා' යනුවෙනි. මෙවැනි නරුමයන්ට තවදුරටත් කතෘ පදවි වල සිටින්නට ඉඩහැරීම කවර යහපාලනයක්ද??


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP