රූපවාහිනී සභාපති යටින් වැඩ කරන්නේ තවමත් රාජපක්ෂලාට ද?
රූපවාහිනිය තුල මෛත්‍රී පාලනයේ යහපාලනය බරපතල ලෙස ප්‍රශ්න කරමින් ජාතික රූපවාහිනියේ නව පාලනය ගත් මහින්ද රෙජීමයේ කප්පරක් කරණම් ගැසූ සභාපති සෝමරත්න දිසානායක කටයුතු කරමින් සිටී. ඔහු යටින් වැඩ කරන්නේ තවමත් රාජපක්ෂලාට බවට හොඳම සාක්කියක් මෙසේ ඉදිරිපත් කරමු.
අද (21) පටන් සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.30 ට විකාශනය වීමට සූදානම් කොට ඇති “ඉඩදෙන්න” ටෙලිනාට්‍යය පසුගිය පාලන සමයේදී නිර්මාණය වූවේ මහින්ද චින්තනයත් එහි ව්‍යාජ සංවර්ධනයත් ප්‍රචාරය කෙරෙන ව්‍යාපෘතියක් ලෙසය. එහි නිෂ්පාදක වූයේ අරෝෂ ප්‍රනාන්දු නම් වූ මහින්ද පාලනයේ අයි.ටී.එන් නාලිකාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් ලෙස දේශපාලන පත්වීම් ලද පුද්ගලයෙකි. ඡන්දය පැවති අවධියේදී රැස්වීම් සඳහා සෙනග ඇදීමට බස් සපයමින් මහින්දගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් මුදල් වියදම් කළ පුද්ගලයෙකි.
“ඉඩදෙන්න” නාට්‍යයේ කතා රචකයා වූයේ පසුගිය ඡන්දය පැවති වකවානුවේදී මහින්දගේ පාලනය පිලිබඳ ටෙලිනාට්‍ය ලියා අධ්‍යක්ෂණය කළ ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ නමට ගීත ලියූ ඩෝල්ටන් අල්විස් ගේ පුත් ගයා රම්‍ය අල්විස්ය. එමෙන්ම මෙහි අධ්‍යක්ෂක වූයේ නලින් මාපිටිය ය. මේ සියල්ලන්ම කටයුතු කෙළේ එවකට රූපවාහිනියේ අධ්යක්ෂ ජනරාල් ලෙස ආයතනය විනාසය කරා රැගෙන ගිය චන්ද්‍රපාල ලියනගේ ගේ අවශ්‍යතාවය පරිදිය. ඒ අනුව හැදූ මෙම ටෙලි නාට්‍යය වත්මන් පාලනය යටතේ ද යෙහෙන් වැජඹීම මෛත්‍රී පාලනයක් වෙනුවෙන් ඡන්දය භාවිතා කල ලක්ෂ 64 ක ජනතාවට කොකා පෙන්නීමක් නොවේද? යහපාලනය නමැති වචනයට දුන් අරුත සෝමරත්න දිසානායක විසින් විකෘති කරනවා නොවේද?
මෙහි වඩාත්ම ඛේදය වන්නේ අරෝෂ ප්‍රනාන්දු නමැත්තාට මුදල් කඩිනමින් ලබා දීම සඳහා මෙම නාට්‍යය සෙනසුරාදා සහ ඉරිදා දින දෙක තුලම විකාශනය කිරීමයි. සෙනසුරාදා සහ ඉරිදා දින දෙක තුල නාට්‍යය විකාශනය කොට මුදල් ගරා ගැනීමේ අවශ්‍යතාවය මහින්ද පාලන කාලය තුල චන්ද්‍රපාල ලියනගේ ගේ වුවමනාව වුවද එයට රූපවාහිනියේ නිෂ්පාදකවරුන්ගේ විරෝධය මතු වීම නිසා ක්‍රියාත්මක නොවීය. එහෙත් පෙර ආණ්ඩුවටත් වඩා දුර ගිය මෛත්‍රී පාලනය මෙසේ කටයුතු කිරීම මහින්ද සහ මෛත්‍රී අතර පරතරය කෙස් ගසක් බව මේ රටේ ජනතාවට පෙන්වීමක්ද? මෙම කූඨ ගණුදෙනුව පසුපස වත්මන් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විවිධ වැඩසටහන් විමලරත්න අධිකාරී ද සිටීම සෝමරත්න විසින් යහපාලනයට දී ඇති විකෘති අරුත තවත් කඩතිර විවර කොට පෙන්වීමකි.
පලි- මෙම “ඉඩදෙන්න” ටෙලි නාට්‍යයද නිෂ්පාදනය වූවේ පසුගිය පාලන කාලය තුල නිෂ්පාදනය වෙමින් විකාශනය වූ සත්‍යා-ධවල කඳුලු වැනි ටෙලි නාට්‍ය වල ක්‍රමවේදය අනුවමය. වත්මන් පාලනය යටතේද සත්‍යා ටෙලි නාටකය විකාශනය වූ අතර ඒ සදහා මුදල් ගෙවීමද සෝමරත්නගේ පාලනය තුල වඩා ක්‍රියාශීලීව සිදු විය.
-මෛත්‍රී පාලනය වෙනුවෙන් රූපවාහිනියේ අපි-
Comment
Facebook Comment